News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

රුපියල් 5000ට අවුරුදු 24ක් හිරේට

527 Views


රුපියල් 5000ට අවුරුදු 24ක් හිරේට

සුදු බීඩි ළඟ තබැගැනීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට රුපියල් 5,000/- ක අල්ලසක් 2012 වසරේදී ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 08ක කාලයකින් ගෙවී යව අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළා.

විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 24,000/-ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශ්‍යයෙන් ලබාගත් රුපියල් 5,000/-ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළා.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ නීතීඥ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළා.

විත්තිකරුට එරෙහි චෝදනා දොළහෙන් හතරක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනා හතරෙන්ම ඔහු නිදහස් කළ අතර විත්තිකරුට එරෙහි චෝදනා අටක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවන්ට වරදකරු වු ඔහුට අදාළ දඩුවම නියම කළා.


News Articles
Latest Videos
Most Popular Post