News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකාව ඉදිරියෙන්

640 Views


ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකාව ඉදිරියෙන්

ජාත්‍යයන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකාව පළමු තැන හිමිකරගෙන තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේ පැවති ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ජයගැනීමත් සමග ප‍්‍රසාද ලකුණු 60 ක් ලබාගෙන මෙලෙස ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ශී‍්‍ර ලංකාව ලබාගත්තා.

එමෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අලුබදුන කි‍්‍රකට් තරගාවලියෙන් තරග දෙකකදී එක් තරගයක් ජයග‍්‍රහණය කොට අනෙක් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කළ  ඔස්ට්‍රේලියාව ප‍්‍රසාද ලකුණු 32 ක් ලබාගෙන ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා.

පිළිවෙලින් 03 සහ 04 ස්ථානයේ රැදෙන්නේ එංගලන්තය සහ නවසීලන්තයයි.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය නිමාවට පත්වන්නේ 2021 වසරේදීයි.


News Articles
Latest Videos
Most Popular Post