News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

වසර 50කට පෙර අතුරුදන්වූ සබ්මැරීනයක් සොයා ගැනේ

1025 Views


වසර 50කට පෙර අතුරුදන්වූ සබ්මැරීනයක් සොයා ගැනේ

වසර 50කට පෙර අතුරුදන්වූ සබ්මැරීනයක් ප්‍රංශ නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ප්‍රංශයට අයත් මිනර්ව් සබ්මැරීනය එරට දකුණු මුහුදු තීරයේ යාත්‍රා කරමින් සිටින අතරතුර ටුලොන් වරාය ආසන්නයේදී අතුරුදන් වුයේ 1968 වර්ෂයේදීයි. සබ්මැරීනයේ සිටි නාවිකයන් පනස් දෙදෙනාද සමගින්ය.

අතුරුදන් සබ්මැරීනය සහ පිරිස සොයා ප්‍රංශය දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදුකළද ඒ සියල්ල අසාර්ථක වූ අතර කෙසේ නමුත් මිනර්ව් සබ්මැරීනය සොයා යළිත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට ප්‍රංශ රජය 2018 වර්ෂයේදී තීරණය කර අතර නවීන සෝනා සහ ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් මෙම සෝදිසි මෙහෙයුම දියත් කළ බව ප්‍රංශ බලධාරීන් සඳහන් කළා.කෙසේ නමුත් මිනර්ව් සබ්මැරීනය අනතුරට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නැත.


News Articles
Latest Videos
Most Popular Post