News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

වසර 50 කට පෙර මුහුදේ පාකර හැරිය ලියුම සහිත බෝතලයක් හමුවේ

2348 Views


වසර 50 කට පෙර මුහුදේ පාකර හැරිය ලියුම සහිත බෝතලයක් හමුවේ

බෝතල් තුළට යම් යම් පණිවිඩ දමා ඒවා මුහුදේ පාකර හරින සිරිතක් එක්තරා කාලයක ලෝකයේ බහුලව පැවතුනා. එම පණිවිඩ පසුකලෙක අහුලාගන්නා අයට ඇතැම්විට විවිධ පුදුම දේ දැනගන්නට ලැබෙනවා.

පසුගිය සතියේ ඕස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් නුවර වාසය කරන 9 හැවිරිදි Jyah නමැති දරුවෙකුට මහුදු වෙරළෙහි තිබී පණිවිඩයක් සහිත බෝතලයක් අහුලාගන්නට හැකි වී තිබෙනවා. එම බෝතලයේ කට කඩා ලියමන ලබාගන්නට අපහසු නිසා බෝතලය බිඳ දමා ලියමන කියවන්නට ඔහු උත්සාහ කර ඇති බව සදහන්.

එහි අකුරු පැහිදිලිව හඳුනාගන්නට හැකියාව ලැබී ඇති අතර 1969 ලියා තිබූ වසර 50 ක් පැරණි ලියමනක් එහි තිබී ඇති බව සදහන්.

ලියුම ලියා තිබුනේ 13 හැවිරිදි Paul Gilmore නමැත්තෙක්. ඔහු එංගලන්තයේ සිට ඕස්ට්‍රෙලියාවට සංක්‍රමණය වෙමින් සිටි නැවකදී මෙම පණිවිඩය මුහුදට දැමූ බවත් මෙය හමුවුණොත් පිළිතුරක් එවන ලෙසත් එහි සටහන් කර තිබෙනවා.

මේ ගැන සොයා බැලූ ඕස්ට්‍රෙලියානු ඒ.බී.සී ගුවන් විදුලිය මෙම ලියමන ලියූ පුද්ගලයා දැන් නැවියෙකු බවත් ඔහු බොල්ටික් මුහුදේ යාත්‍රාවක සේවය කරන බවත් සොයාගෙන ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post