News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

වැස්ස නිසා හෙට සහ අනිද්දා ගාල්ල සහ මාතර සියලු පාසල් වසයි

772 Views


වැස්ස නිසා හෙට සහ අනිද්දා ගාල්ල සහ මාතර සියලු පාසල් වසයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) යන දිනයන්හිදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර නියෝග කර තිබෙනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (23) රාත්‍රියේ දී දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් වලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි ඇති වනු ඇති බවයි. එමෙන්ම වයඹ, ඌව, සබරගමුව, උතුර සහ නැගෙනහිර පළාත් වලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති වනු ඇති බවයි අනාවැකි පළකර තිබෙනවා.

වැසි සමග විටින් විට තද සුළං ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු අවම කර ගැනීමට විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post