News Line| Off Air| Games
Generic placeholder image

Dec
13

වෛද්‍ය වර්ජනයක් අත ලග ?

372 Views


වෛද්‍ය වර්ජනයක් අත ලග ?

ඌව පළාතේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ හිග අතිකාල දීමනා හා අනෙකුත් දීමනා කඩිනමින් ලබාදීමට පළාත් සභා බලධාරින් අපොහොසත් වුවහොත් ලබන සතියේ පූර්ව දැනුම් දීමකින් තොරව  දැඩි  ක්‍රියාමාර්ගයන් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධිකාරක හා ඌව ශාඛා ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවා.

බදුල්ල මහරෝහලේ වෛද්‍ය විවේකාගාරයේදී  පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී අනතුරු හැගවීමක් කරමින් ඔහු මේ බව පැවසුවේ.

එහිදි ඔහු සඳහන් කර සිටියේ,‍

පළාත් සභාව මගින් පාලනය වන සියලු සෞඛ්‍ය ආයතන වල සියලු කාර්ය මණ්ඩල වලට  මාස 3ක හිග අතිකාල දීමනා ලබාදීමට පළාත් සභාව අසමත්ව   වි ඇති බවත් මේ තත්වය මෙසේ  තිබියදී නිලධාරීන් කීපදෙනෙකුගේ  විදේශ සංචාර සදහා විශාල මුදලක් වැය කර ඇති බවය.

රෝහල්වල පවතින ඹෟෂධ හිගයක් ගැනද මෙහිදි අනාවරණය කළ  රා‍ජපක්ෂ මහතා ජලභීතිකා එන්නත නොමැති කමින්  සුනඛ සපා කෑම්වලට ලක්වූවන් බරපතල අවදානමකට පත්ව තිබෙන බවත් .මේ වසරේ ඉකුත් මාස 10 ක පමණ කාලයක් තුළ  සුනඛ සපා කෑම් 8500 ක් වාර්තා වී ඇතැයිද අවධාරණය කරසිටියා.


News Articles
Latest Videos
Most Popular Post