News Line| Off Air| Games
Generic placeholder image

Apr
24

ශ්‍රී ලංකාවේ පිපිරීම් ක්‍රයිස්චර් ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් බවට තොරතුරු තාම නෑ – නවසීලන්ත අගමැතිනිය කියයි

743 Views


ශ්‍රී ලංකාවේ පිපිරීම් ක්‍රයිස්චර් ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් බවට තොරතුරු තාම නෑ – නවසීලන්ත අගමැතිනිය කියයි

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාව නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ද යන්න තහවුරු කෙරෙන බුද්ධි තොරතුරු කිසිවක් ලැබී නොමැති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් පවසනවා. ඇය ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රයිස්චර්ච් නුවර ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව දියත් කර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබෙන පසුබිමකයි.

කෙසේවෙතත් නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර පැවති මාධ්‍ය හමුවකදී එරට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිඳු බුද්ධි තොරතුරක් ලැබී නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post