News Line| Off Air| Games
Generic placeholder image

May
20

සටන් වැදීමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය වනු ඇති – අමෙරිකානු ජනපති

1265 Views


සටන් වැදීමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය වනු ඇති – අමෙරිකානු ජනපති

ඉරානයට සටන් වැදීමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් වෙබ් අඩවියට පණිවිඩයක් නිකුත්කරමින් ඉරානයට කියා සිටියේ යළි කෙදිනක හෝ අමෙරිකාවට තර්ජනය නොකරන ලෙසයි. මෙම තත්ත්වය හමුවේ දෙරට අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක දැඩි කර ඇති අතර , මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදාව ස්ථානගත කිරීමේ ක්‍රියා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබෙනවා.අමෙරිකාව පවසන්නේ ඉරානය සිය සෙබළුන්ට සහ සිය රටට තර්ජනයක් බවයි .


News Articles
Latest Videos
Most Popular Post