News Line| Off Air| Games
Generic placeholder image

Apr
6

සියත ලෙන්ගතුකම Dialog සමග අද කොළඹ දිස්ත්‍රික් විහාරස්ථාන වෙත

503 Views


සියත ලෙන්ගතුකම Dialog සමග අද කොළඹ දිස්ත්‍රික් විහාරස්ථාන වෙත

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඩයලොග් සමාගම සමග එක්ව සිදුකරන සියත ලෙන්ගතුකම වියළි ආහාර බෙදා දීමේ වැඩසටහන ඊයේ ආරම්භ වුණා.

එහි පලමු අදියර ක‍්‍රියාත්මක වූයේ මහනුවර කේන්ද්‍ර කරගනිමින්.

ඊයේ පෙරවරුවේ මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාර පරිශ‍්‍රයෙන් එම කටයුතු ආරම්භ වුණා.

අනතුරුව ඩයලොග් සමාගම සමග එක්ව සිදු කරන සියත ලෙන්ගතුකම වැඩසටහන ක‍්‍රියාත්මක වූයේ අස්ගිරි මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්.

එහිදී මහනුවර දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් වල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වියළි ආහාර ලබාදීම සිදුකෙරුණා.

මේ සදහා මල්වතු පාර්ශවේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමියන් සහ අස්ගිරි පාර්ශවේ නියෝජ්‍ය ලේකඛාධිකාරී මහා පිරිවෙනේ පරිවේනාධිපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් එක්ව සිටියා.

එමෙන්ම මහනුවර දිස්ත‍්‍රික් ලේකම් තිස්ස කරුනාරත්න මහතා ද, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප‍්‍රියන්ත කාරියප්පෙරුම මහතාද මෙම අවස්ථාවට එක්වුණා.

මෙම වැඩසටහන යටතේ වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අද ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා.

මෙම වැඩසටහන අද පැවැත්වුණේ රුක්මල්ගම, අතුරුගිරිය පෝරේ සහ හෝමාගම යන විහාරස්ථාන වලයි.


News Articles
Latest Videos
Most Popular Post