News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

සුවද විලවුන් හැදුන හැටි දන්නේ කීයෙන් කීයද? – මෙන්න ඒ ගැන

960 Views


සුවද විලවුන් හැදුන හැටි දන්නේ කීයෙන් කීයද? – මෙන්න ඒ ගැන

සුවද විලවුන් කියන්නේ ලොකු පොඩි හැම කෙනෙක්ම ඉතාමත් පි‍්‍රයකරන දෙයක්. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට නැතිවම බැරි අංගයක්. කාර්යාලයට යන විට මෙන්ම නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම ගමන් මල්ලේ සුවද විලවුන් බෝතලයක් ගෙන යෑමට හුරුවී තිබෙන බව අපි දන්නවා.

සුවද විලවුන් වල ඉතිහාසය පටන්ගන්නේ පුරාණ ඊජිප්තුවෙන්. ක්ලියෝ පැට‍්‍රා රැජින ට‍්‍රා මාර්ක් ඇන්තනි වසගකර ගැනිම සදහා එක්තරා සුවද විලවුන් වර්ගයක් භාවිත කළ බව පැවසෙනවා. ගී‍්‍රසියේ ප්ලීනි වසර 300 කටත් පෙර සුවද විලවුන් නිශ්පාදනය කරන ආකාරය පිළිබදව සටහන් කර තිබෙනවා.

18 වැනි සියවසේ ප‍්‍රංශයේ xv වැනි ලුවී රජු තම අධිකරණය දිනපතාම සුවද විලවුන් වලින් සුගන්දවත් කළ බව සදහන් වනවා.

ලොව විශිෂ්ටතම වශීකාරක සුවද විලවුන් වර්ගය තැනීම සදහා තරුණ කාන්තාවන් සිය ගණනක් ඝාතනය කරන ජින් බැප්ටිස්ට් නමැති මසන විකෘති වූ පුද්ගලයෙකු පිළිබද 2006 වර්ෂයේ තිරගත වූ පර්ෆියුම් නම් චිත‍්‍රපටයෙන් කියවෙනවා.

අතීතයේ ස්වභාවික මූලාශ‍්‍ර පදනම්කරගෙන සුවද විලවුන් නිෂ්පාදනය කර තිබෙනවා. නමුත් අද වන විට මේ සුවද විලවුන් නිෂ්පාදනය සදහා කෘතිම රසායනික සංයෝග වැඩි වශයෙන් යොදා ගනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post