News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

ළඟම පාසල හොඳම පාසල ක්ද? මැරෙන පාසලක් ද? මව්පියන්ගෙන් චෝදනා

540 Views


ළඟම පාසල හොඳම පාසල ක්ද? මැරෙන පාසලක් ද? මව්පියන්ගෙන් චෝදනා

අධ්‍යාපනය නගා සිටුවීම සදහා රජය පාසල් දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන පසුබිමක අවශ්‍ය අවම පහසුකම් හෝ නොමැති පාසල් පිළිබදවද අසන්නට ලැබෙනවා.

රත්නපුර නිවිතිගල හොරහීන්ඇල්ල සුමන විද්‍යාලය එවැනි පාසලක්. එහි පළමු ශ්‍රේණියේ සිසුන් අද වන විට සිය අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ දිරාපත් වී කඩාවැටීමට ආසන්න වහලයක් සහිත මෙම පන්ති කාමරයේ සිටිමින්.

මීට තෙමසකට පමණ පෙර මෙම පංතිකාමරයේ වහලේ බාල්කය කඩාවැටී ඇති අතර එය තවමත් රඳවා ඇත්තේ මුක්කු ආධාරයෙන්. මෙලෙස පන්ති කාමරවල පවතින අවදානම්සහගත බව නිසාම දරුවන් මේ වන විට ඉගෙනීම් කටයුතුවල නිරතවන්නේ පාසලේ මිදුලේ සිට බව සදහන්.

නමුත් වැසි ඇදහැලෙන දිනවල එයද අසීරු බැවින් දරුවන්ට එම දිනවලදී අධ්‍යාපන කටයුතු අතරමග නවතා නැවතත් සිය නිවෙස් කරා යාමට සිදුව තිබෙනවා. මෙහි ඇති අනෙක් පන්ති කාමර වල තත්වයද මේ හා සමන බව සදහන්.

මෙලෙස අවම පහසුකම් යටතේ සිය ජීවිතය අවදානමේ තබමින් දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට සිදුව ඇත්තේ ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ මෙම පාසල සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 63කට අධික මුදලක් වෙන් කර ඇති පසුබිමකයි.

මේ පිළිබඳව වගකිවයුත්තන් දැනුවත් කළද තවමත් ඔවුන් මේ වෙනුවෙන් නිසි ක්‍රියාමර්ගයක් ගෙන නොමති බවට මව්පියන් චෝදනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post