News Line| Off Air| Games
Generic placeholder image

Jan
27

තවත් වෛරසයකින් 29 දෙනෙක් මරුට

3013 Views


තවත් වෛරසයකින් 29 දෙනෙක් මරුට

එබෝලා වෛරසයට සමාන ලස්සා නැමති වෛරස් ප්‍රභේදය හේතුවෙන් රක්තපාත උණට ගොදුරු වූ නයිජීරියානුවන් 29 දෙනෙකු මේ මාසය තුළ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

නයිජීරියාවේ ප්‍රාන්ත 11 කින් ආසාදිතයන් 195 දෙනෙකු සොයා ගත් බව එරට වසංගත රෝග පාලන ආයතනය සඳහන් කළා.

මේ නිසා මෙම වෛරස් රෝගය පැතිරීම වැළැක්වීමට නයිජීරියානු රජය විසින් පියවර රැසක් ගෙන ඇති අතර නව වෛරසය ලස්සා ලෙස නම් කර ඇත්තේ එය 1969 වසරේ මුල් වරට හඳුනා ගත් උතුරුදිග නයිජීරියානු නගරයේ නමින්.

මෙම වෛරස් උණ රෝගය 2016 වසරේ සියෙරා – ලියොන්, ලයිබීරියාව, ටෝගෝ සහ බෙනින් යන අප්‍රිකානු රාජ්‍යවලින් ද වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post