News Line| Off Air| Games
Generic placeholder image

May
8

5 වන වරටත් මුම්බායි පිළ අවසන් තරඟයට

3588 Views


5 වන වරටත් මුම්බායි පිළ අවසන් තරඟයට

ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ ඊයේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 6ක් ජය ගැනීමට සමත් වුණා.

චෙන්නායි හි එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරඟයේ පළමු කාසියේ වාසිය දිනාගත් චෙන්නායි කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. කෙසේ වෙතත් තරඟයේ මුල සිටම මුම්බායි කණ්ඩායම තරඟයේ පාලනය තම සියතට ගත් අතර ලකුණු 32ක් වන විට චෙන්නායි කණ්ඩායමේ මුල් පෙළ ප්‍රහාරාත්මක පිතිකරුවන් තිදෙනෙක් යළිත් ක්‍රීඩාගාරය වෙත යැවීමට මුම්බායි පන්දු යවන්නන්ට හැකි වුණා.

තරගයේ පළමු පන්දුවාරය යැවූ මාලිංග එහිදී එක් ලකුණක් පමණක් ලබාදීමට වග බලා ගෙන තිබුනා.ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 131ක් ගත්තා.චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් අම්බති රයිදු නොදැවී ලකුණු 42ක් ලබා ගත් අතර නායක එම්. එස් දෝනි ලකුණු 37ක් ලබා ගැනීමට සමත් ව තිබුනා.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් සුරියකුමාර් යාදෙව් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා ගනිමින් ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී එම ඉලක්කය හඹා යාමට හැකි වුණා.

පන්දු යැවීමේදී ඉමරාන් තාහිර් ලකුණු 33කට කඩුලු 2ක් බිඳ හෙලුවා.

තරඟාවලියේ අවසන් වටයේ දෙවන තරගය අද දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වන අතර, ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් අවසන් වටයේ තෙවන තරගය සදහා ක්‍රීඩා කළ යුතු වනවා.

අවසන් වටයේ තෙවන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලබන 12 වනදා තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ අවසන් තරගයකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුදුසුකම් ලැබූ පස් වන අවස්ථාව මෙය වන අතර, මීට පෙර අවස්ථා තුනක දී ඔවුන් අයි.පී.එල් ශූරතාවය දිනා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post