News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

කිලිනොච්චි සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට.

945 Views


කිලිනොච්චි සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට.

කිලිනොච්චි, අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, වීඩියෝ පට හා ඡුායාරූප ඔස්සේ හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් ඊයේ රාත‍්‍රී 9 ට පමණ අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 22, 23, 24 හා 26 යන වයස්වල පසුවන කිලිනොච්චි, ක‍්‍රිෂ්ණපුරම් හා පිරමන්දනාරු ප‍්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙක්. සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

දිවියා මරා දැමීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 06 දෙනෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා.

පොලීසිය පැවසුවේ ගම්මාන 4 ක හෝ 5 ක පමණ පුද්ගලයින් ඊට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි. කිලිනොච්චිය තෙලිප්පලෙයි ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් ශී‍්‍ර ලංකාවට ආවේණික දිවියෙකු පොලූ මුගුරුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවේ පසුගිය 21 වනදායි


News Articles
Latest Videos
Most Popular Post