News Line| Off Air| Games
Generic placeholder image

Oct
16

Facebook ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක්. ගිණුම් මිලියන 14 ක් Hack කරලා

641 Views


Facebook ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක්. ගිණුම් මිලියන 14 ක් Hack කරලා

ලඟකදි එල්ල වුණ සයිබර් ප්‍රහාරයක් නිසා ෆේස්බුක් භාවිතා කරන අයගෙ පෞද්ගලික දත්ත වලට ආරක්ෂාව සැපයීමට හැකියාවක් නැහැ කියලා ෆේස්බුක් සමාගම කියනවා. ෆේස්බුක් සමාගම අනාවරණය කළේ ෆේස්බුක් භාවිත කරන මිලියන 14 දෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු වලට සයිබර් ප්‍රහාරය එල්ල වී තියෙන බවයි.

මේ සොරාගත්ත තොරතුරු අතර සෙවුම් තොරතුරු , ස්ථානීය දත්ත , ආගමික තොරතුරු වගේ තවත් තොරතුරු විශාල ප්‍රමාණයක් ඇතුළත් වී තිබුණා.

ෆේස්බුක් ආයතනය කියන විදිහට සයිබර් ප්‍රහාරයට ලක්වුන අය ආරක්ෂා කරන්න වඩපිළිවෙළක් සැලසුම් කරලා නැහැ. දත්ත විශ්ලේෂකයින් කියනවා මේ ප්‍රකාශයෙන් සෑහීමකට පත් වෙන්න බෑ කියලා.

මේ විදිහට දත්ත සොරා ගැනීම නිසා විවිධ වංචාසහගත වැඩසටහන් නිර්මාණය කිරීමට ප්‍රහාරකයින්ට පුළුවන් වෙනවා.

ෆේස්බුක් සමාගම කියන විදිහට සයිබර් ප්‍රහාරයට ලක්වෙලා තියෙන දත්ත වෙන්නෙ User name , ස්ත්‍රී පුරුෂ භාවය , රට සහ භාෂාව , සබැඳියන් පිළිබඳව විස්තර , ආගමික තොරතුරු , උපන් ප්‍රදේශ , උපන් දිනය , ෆේස්බුක් වෙත පිවිසෙන උපාංග , ටැග් කිරීම් (tag) ,ෆලෝව් කරන ෆේස්බුක් පිටු , වගේ දේවල්.

මීට පෙර මේ වගේ දැවැන්ත සයිබර් ප්‍රහාරයට ලක් වුණ Target , Playstation Network , Equifax වගේ සමාගම්.ඒ සමාගම් ඒ වෙනුවෙන් දත්ත ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post