News Line| Off Air| Games
Generic placeholder image

Jan
18

සුරතල් සතුන්ගෙන් පරිස්සම් විය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

726 Views


සුරතල් සතුන්ගෙන් පරිස්සම් විය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස 18 වනදා

රාහු කාලය: දිවා සඳහා දහවල් 01.49 සිට දහවල් 03.17 දක්වා , රාත්‍රී කාලය සඳහා අලුයම 01.52 සිට අලුයම 03.25 දක්වා

සුභ දිශාව: ඊසාන

 

 

 

 

මේෂ ලග්නය

අද දිනය තුල වෙනදාටත් වැඩ ප්‍රතිපත්තිගරුකව ඔබ කටයුතු කරයි. පෙර පින් දහම් අනුව ඔබේ වැඩ කටයුතු වලට අවශ්‍ය ආශිර්වාදය ලැබෙන දිනයක්. ආගමනකුලව දිනය ගත කරන්න. අධ්‍යාත්මීක මෙන්ම, ශරීර ශක්තිය වෙනදට වැඩ ඔබේ වැඩ කටයුතු වලදී ඔබට ප්‍රයෝජනවත් වෙයි. පවුලට වඩාත් සමීප වන දිනයක් වන අතර තැන්පත් පුද්ගලයෙකු ලෙස අද දිනය ඔබ ගත කරයි.
ජය වර්ණය ලා රතු පැහැය                                    ජය අංකය 01

වෘෂභ ලග්නය

නිර්මාණ කාර්යන්, අලංකරණ කටයුතු, සංගීත කටයුතු මෙන්ම සියලු කලා කටයුතු වලට ඉතාම සුභ දිනයක්. විදේශගත වීමට බලාපොරොත්තු වන්නේනම් ඒ සඳහා උත්සාහ කිරීමට සුභ දිනයක්. ඉවසීමෙන් හා කාරුණිකව ඔබ කටයුතු කරන දිනයක් වනමුත් කලපනාකාරී වීම වඩාත් වැදගත්.
ජය වර්ණය තැඹිලි පැහැය                                   ජය අංකය 09

මිථුන ලග්නය

ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී මෙන්ම සුරතල් සතුන් හා අලුතින් හඳුනාගත් අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් වීම වැදගත්. චින්තන ශක්තිය, ලේඛන ශක්තිය දියුණු වන දවසක්. අලුතින් හිතන්න, කියවන්න, අලුත් දේවල් මිලදී ගන්න සුභ දිනයක්. භූමියෙන් හිමිවන වස්තු, ආහාර ආදිය බහුලව ලැබෙන දිනයක්.
ජය වර්ණය කොළ පැහැය                                    ජය අංකය 08

 

කටක ලග්නය

අද ද්දීනයේ ඔබේ වැඩ කටුයුතු ඉතා වගකීම් සහිතව, සාර්ථකව, ගෞරවයෙන් ඉටු කරන දිනයක්. යහපත් සිතුවිලි, යහපත් ක්‍රියා තුලින් එන අයගේ ආකර්ෂණය ලබාගත හැකි දිනයක්. වගකීම්, තනතුරු ලැබෙන දිනයක්. අවිවාහක අයට මංගල යෝජනා ලැබෙන ඉතාම සුභ දිනයක්. ගන්න ආහාර පිළිබඳව සැලකිලිමත් වන්න. ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය දීප්තිමත් සුදු පැහැය                           ජය අංකය 07

සිංහ ලග්නය

අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකිය යුතු දිනයක්. රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩ පවතින නිසා සෞඛය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ණයට දීම හා ණයට ගැනීමට අසුභ දිනයක්. වෙනදට වඩා පාලනයකින්, විනයානුකුලව ආදර්ශමත්ව දවස ගත කරයි. කලබලකාරී ගතියක් අද දිනය තුල ඇතිවිය හැකි නිසා කල්පනාකාරීව හා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දිනය වඩාත් යහපත් කරගත හැකියි.
ජය වර්ණය රන්වන් පැහැය                                    ජය වර්ණය 06

කන්‍යා ලග්නය

ආදායම් තත්වය ඉහල යන, නිශ්චල හා චංචල දේපළ වලට උරුමකම් කියන දිනයක්. වෙනදට වඩා සහයෝගයෙන්, අන් අයට ගරුත්වයෙන් හා ආදරයෙන් දිනය ගත කරයි. ලේඛනයට මෙන්ම ජාතියට ඇලුම් කරන දිනයක් වන අතර සම්මුඛ පරීක්ෂණ ආදියෙන් පහසුවෙන් ජය ගැනීමේ හැකියාව ලබෙයි. කෘෂිකාර්මික හා කාර්මික කටයුතු වලටද සුභ දිනයක්.
ජය වර්ණය ලා කොළ පැහැය                                ජය වර්ණය 05

 

තුලා ලග්නය

බුද්ධිමත්ව කටයුතු කරන දිනයක් වන අතර මව්පිය ආදරය හා ආරක්ෂාව වැඩියෙන් ලැබෙන දිනයක්. ඔබ තුල ඇති යහපත් ගුණාංග හා සිතුවිලි මගින් අන් යට උදව් කිරීමට, සේවය කිරීමට නිතැතින්ම පෙළඹෙන දිනයක්. ව්‍යාපාර වලට මෙන්ම කරන සෑම වැදගත් වැඩ වලට යහපත් ප්‍රතිඵල ලැබෙන දිනයක්. තත්වයෙන් උසස් දේවල් ලැබෙන අතර තත්වයෙන් උසස් දේවල් අන් යට ලබා දෙන දිනයක්.
ජය වර්ණය දම් පැහැය                                           ජය වර්ණය 04

 

වෘශ්චික ලග්නය

 

නිවැරදි හා යහපත් දේ සොයා යන අන් අයට සරු කරනා, තම පවුලට, බිරිඳට, ස්වාමියාට, දරුවන්ට හා දෙමව්පියන්ට බොහෝ සේ ආදරය හා ආරක්ෂාව සපයන දිනයක්. දවස අවස්සන වන විට බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න අසන හා ඒවාට පිළිතුරු සපයන අයෙකු බව පත්වෙයි. වෙනදට වැඩ වේගයෙන් හා සාර්ථකව තම වැඩ කටයුතු ඉටු කරගනියි.
ජය වර්ණය රතු හා රෝස පැහැය                                     ජය අංකය 03

 

 

ධනු ලග්නය

අන් අයට ගරු කරන හා අන් අය තේරුම් ගන්නා දිනයක් වන අතර මනා කළමනාකරණයකින් තම වැඩ කටයුතු අද දිනය තුල ඔබ ඉටු කරගනියි. යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වන දිනයක්. අමුත්තන් පිළිගැනීමට සිදුවන අතර වියදම්ද වැඩි වන නමුත් අද කරන දෙය අනාගතයට ඉතුරුවක් වෙයි.
ජය වර්ණය ගුරු පැහැය                                                      ජය අංකය 02

 

 

මකර ලග්නය

ධාරණ ශක්තිය වෙනදට වඩා ඔබේ වැඩ කටයුතු සියල්ලකටම පාහේ වැදගත් වෙයි. ඵලදායි වැඩ කරන නමුත් ඒවාට බධා හා අසාර්ථක වීමේ ඉඩකඩ වැඩියි. ඉවසීම හා කලපනකාරි වීම තුල ඒවා ජය ගැනීමේ හැකියාව පවතියි. සමාජ සේවයටද වැඩි ඇල්මක් දක්වන දිනයක්.
ජය වර්ණය ලා නිල් පැහැය                                                   ජය වර්ණය 01

 

කුම්භ ලග්නය

ඉක්මන් කෝපය මගහරවා ගත යුතු දිනයක්. තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. සැලසුම් සහගතව, නොපමාව වැඩ කටයුතු කිරීම තුලින් ඉහල සාර්ථකත්වයක් අත්කරගනීමේ හැකියාව ඇත. එමගින් නා හිත මිතුරන්ගේ වැඩි අවධානයත් සමාජයේ පිළිගැනීමත් නොඅඩුව ලැබෙයි.
ජය වර්ණය තද නිල් පැහැය                                                     ජය අංකය 03

 

 

මීන ලග්නය

මනා පෞරුෂයකින් හෙබි ඔබට අද දිනය වඩාත් යහපත්. විනිවිද භාවයකින් හා අවංකව වැඩ කටයුතු කරන්න. අන් අය වෙනුවෙන් කැපවන දිනයක්. අන් අයගෙන් මෙන්ම සමාජයෙන් ඔබට වැඩි අවධානයක් හා ආදරයක් ලැබෙන දිනයක්. අලුතින් වැඩක් පටන් ගන්න, නව රැකියාවක් වෙත් යොමු වන්න ඉතාම සුභ දිනයක්.
ජය වර්ණය ගුරු පැහැය                                                         ජය අංකය 02

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යු. ලියනගේ

දුරකථන අංකය: 0115010829


News Articles
Latest Videos
Most Popular Post