News Line| Off Air| Games
Generic placeholder image

Jan
19

තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව කටයුතු කරන අයට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

435 Views


තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව කටයුතු කරන අයට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 10.52 සිට දහවල් 12.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට අලුයම 12.20 දක්වා

මාරු සිටින දිශාව ගිනිකොණ

සුභ දිශාව උතුර 

 

 

 

 

මේෂ ලග්නය

සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයක්. සතුරු පීඩා හඳුනාගත හැකි වන අතර ඒවාට මුහුණ දීමට ශක්තිය ලැබෙන දිනයකි. රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව සාර්ථකත්වය ලැබිය හැකි දිනයක් වන අතර තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව කටයුතු කරන්නන්ට  දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයක්. කොන්ද, තුනටිය ආශ්‍රිත රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
ජය වර්ණය විසිතුරු පැහැය                                    ජය අංකය 05

වෘෂභ ලග්නය

හවුල් ව්‍යාපාර වලට ඉතාම යෝග්‍ය දිනයක්. තම සහකාරිය හෝ සහකායරිය වෙනුවෙන් වෙනදට වඩා වැඩියෙන් වෙහෙස වීමට සිදුවන දින්යක්. ප්‍රේම සබන්ධතා වලට ඉතාම සුභ දිනයක්. තම පෞරුෂය වර්ධනය කරගත හැකි අවස්ථා උදාවන අතර අත්සන භාවිතයේදී ප්‍රවේසම් විය යුතුයි. අවිවාහක අයට මංගල යෝජනා ලැබෙන දිනයක්.
ජය වර්ණය ලා කහ පැහැය                                   ජය අංකය 07

මිථුන ලග්නය

තමන් කරන වැඩ කටයුතු නිසාම මානසික පීඩා ඇතිවිය හැකි දිනයක්. එබැවින් කල්පනාකාරී වීම හා ප්‍රවේසම් වීම වැදගත්. සතුරු උවදුරු වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබෙන අතර සැලසුම් සහගතව වැඩ කිරීම මගින් වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. වියදම් ඉහල යන දිනයක්. 
ජය වර්ණය දීප්තිමත් රතු පැහැය                                    ජය අංකය 09

 

කටක ලග්නය

වෙනදට වඩා ආවේගශීලී මෙන්ම හැගීම්බර දිනයකි. තරග ආදියෙන් පහසුවෙන් ජය ගැනීමේ හැකියාව ඇත. ආදායම් තත්වය ඉහල යන දිනයක් වන අතර දුර බැහැර ගමන් බිමන් යාම සිදුවන, සංචාරක කටයුතු වලින් සාර්ථකත්වය උදාවන දිනයක්. කෙසේවුවත් කල්පනාකාරීව හා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය ලා කහ පැහැය                           ජය අංකය 03

සිංහ ලග්නය

ගේ දොර ඉඩකඩම් වතුපිටි සහ යාන වාහන සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සුභ දිනයකි. පපුව ආශ්‍රිත ලෙඩ රෝග හා සෙම් රෝග වලට වහාම නිසි ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීම වැදගත්. ක්‍රීඩාවට දක්ෂ වන දිනයක් වන අතර කායික ශක්තිය වෙනදට වඩා ඔබේ වැඩ කටයුතු වලට උපකාරී වෙයි.
ජය වර්ණය ල දම් පැහැය                                    ජය වර්ණය 06

කන්‍යා ලග්නය

නෑ හිතමිතුරන් හා සමාජයේ අනෙකුත් පුද්ගලයන් අතර කැපී පෙනීමේ හැකියාව පවතින දිනයක්. හවුලේ කරන වැඩ කටයුතු වලින් සාර්ථකත්වය ලබාගත හැකි දිනයක් වන අතර වාග් ශක්තිය තලින් අන් අයගේ ආකර්ෂණය දිනාගත හැකියි. සංචාරක කටයුතු වල නියැලෙන්නන්ට වැඩි ලාභ ලැබෙන ඉතාම සුභ දිනයක්.
ජය වර්ණය දීප්තිමත් රතු පැහැය                                ජය වර්ණය 09

 

තුලා ලග්නය

තමන් කරන වැඩ කටයුතු හමුවේ අන් අයගේ විවේචනයට හා අපහාසයට ලක්වීමට ඉඩ ඇති දිනයක්. ඒ හේතුවෙන් ප්‍රශ්න හා මතභේද ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව හා ඉවසීමෙන් වැඩ කටුයතු කරගෙන යාම වැදගත්. කෙසේවුවත් තමන් තුල සාර්ථකත්වයක් හා රැකියාවේ දියුණුවක් අපේක්ෂා කලහැකි දිනයක්.
ජය වර්ණය ලා නිල් පැහැය                                           ජය වර්ණය 03

 

වෘශ්චික ලග්නය

 

නිවැරදි හා යහපත් දේ සොයා යන අන් අයට සරු කරනා, තම පවුලට, බිරිඳට, ස්වාමියාට, දරුවන්ට හා දෙමව්පියන්ට බොහෝ සේ ආදරය හා ආරක්ෂාව සපයන දිනයක්. දවස අවස්සන වන විට බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න අසන හා ඒවාට පිළිතුරු සපයන අයෙකු බව පත්වෙයි. වෙනදට වැඩ වේගයෙන් හා සාර්ථකව තම වැඩ කටයුතු ඉටු කරගනියි.
ජය වර්ණය රතු හා රෝස පැහැය                                     ජය අංකය 03

 

 

ධනු ලග්නය

තමන්ගේ පෞරුෂය, තමන් හැසිරෙන ස්භාවය හා තමන් භාවිත කරන වචන ආදියෙන් අන් අයගේ වදී ආකර්ෂණය දිනාගැනීමට හැකි දිනයක්. යහපත් සිතුවිලි ඇති වන අතර ඒවා ක්‍රියාවට නැවීමට උත්සුක වන දිනයක්. පාද ආශ්‍රිතව රෝග ඇතිවීමේ ඉඩකඩ ඇත. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය ලා කොළ පැහැය                                                      ජය අංකය 09

 

 

මකර ලග්නය

ඔබට තිබු බොහෝ බාධාවන් පසෙකලා තම වැඩ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව ඇති දිනයක්. රැකියාවේ හා ව්‍යාපාර වල දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයක්. තම දියුණුව වෙනුවෙන් වැඩ කරන්න, තාක්ෂණික අංශ වල නියැලෙන්න සුභ දිනයක් වන අතර එමගින් තම ආදායම් තත්වය වැඩි දියුණු කරගැනීමේ හැකියාව පවතියි. දුර බැහැර ගමන් බිමන් යාමට ඉඩකඩ ඇති දිනයක්. 
ජය වර්ණය දීප්තිමත් රතු පැහැය                                                   ජය වර්ණය 02

 

කුම්භ ලග්නය

කායික ශක්තිය මෙන්ම මානසික ශක්තිය වැඩි වන දිනයක්. රැකියා හා වෙළඳාම් කටයුතු වල දියුණුවක් අපේක්ෂා කල හැකියි. තම වැඩ කටයුතු සැලසුම් සහගතව සහ සාර්ථකව ඉටුකිරීමේ හැකියාව පවතින අතර ඒ නිසාම අන් අයගේ ප්‍රසාදය හිමි වන දිනයක්. අන් අය තමන් වෙත ඇදී එන දිනයක් වන අතර අන් අය අතර ඔබ හොඳ නමක් ඇතිකරගන්නා දිනයක්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව,  ගුප්ත වැඩ හා යන්ත්‍ර සුත්‍ර ආශ්‍රිතව වැඩ සඳහා සුභ දිනයක්. 
ජය වර්ණය විසිතුරු පැහැය                                                     ජය අංකය 07

 

මීන ලග්නය

ව්‍යාපාර වලට ඉතාම යහපත් කාලයක් උදවන දිනයක්. මානව සම්පත් කළමනාකරණය, ඇඟළුම් ක්ෂේත්‍රයේ කටයුතු, ස්වර්ණාභරණ ව්‍යාපාර මෙන්ම කලා නිර්මාණ වල නියැලෙන්නන්ට සුභ දිනයක්. කලක් අත්හැර තිබු ව්දාක් නැවත පටන් ගන්නට යෝග්‍ය දිනයක්. අන් අය තමන් වෙත ඇදී එන, ඔවුන්ට පිහිට වන, සමාජ ගෞරවය ලැබෙන සුභ දිනයක්. කල්පනාකාරී වීම හා ඉවසිලිවනත වීම තුල අයහපත් සියල්ලක්ම යහපත් අතට හරවා ගැනීමේ හැකියාව පවතින දිනයක්.
ජය වර්ණය ලා කොළ පැහැය                                                         ජය අංකය 08

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යු. ලියනගේ

දුරකථන අංකය: 0115010829


News Articles
Latest Videos
Most Popular Post