News Line| Off Air| Games
Generic placeholder image

Feb
24

ලග්න දෙකකට කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

604 Views


ලග්න දෙකකට කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 23 වනදා  
රාහු කාලය  දිවා කාලය උදෑසන 10.54 සිට 12.24 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.53 සිට 12.24 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව : ගිනිකොණ

 

 

මේෂ ලග්නය

වාග් ශක්තිය ඉතාම උසස්  දිනයකි. වචන භාවිතයෙන් පමණක්  අයගේ සිත් වසඟ  දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයකි. වියදම් පාර්ශ්වය පිළිබඳවද වැඩි සැළකිල්ලක් දැක්විය යුතු දිනයකි. සෙම් සහිත රෝග හා පාද ආශ්‍රිත රෝග කෙරෙහි වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                         ජය අංකය: 06

වෘෂභ ලග්නය

චිත්ත පීඩා යටපත්ය වන දිනයකි. කායික ශක්තිය වැඩි වර්ධනය වන දිනයකි. කලා නිර්මාණ හා ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම තුල දිනය සාර්ථක කරගැනීමේ හා තම පෞරුෂය වැඩිදියුණු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ආගමානුකුලව දිනය ගත කිරීම ඔබට සහනය ගෙන දෙයි.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                       ජය අංකය: 09

මිථුන ලග්නය

චිත්ත පීඩා හා මානසික අසහනකාරී තත්වයන් ඇතිවන දිනයකි. වචන භාවිතයේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි. හවුල් ව්‍යාපාර වල කාර්යබහුලතාවයක් ඇතිවන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය:  ලා කහ පැහැය                                           ජය අංකය: 01

 

කටක ලග්නය

අතිශය කාර්යබහුලතාවයක් ඇතිවන දිනයකි. කායික හා මානසික අසහනත ඇතිවන නමුත් ඒවා සියල්ල යටපත් කරගෙන දිනය සාර්ථකව ගත කිරීමේ  දිනයකි. එබැවින් ඉවසීමෙන් යුතුව සැලසුම් සහගතව කටයුතු සම්පාදනය කරගැනීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                                                ජය අංකය: 07

සිංහ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. පවුල තුල සාමය රජයන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට නම් යම් තරමක බාධාවන් ඇතිවන දිනයකි. කෙසේවුවත් කල්පනාකාරීව හා ඉවසිලිවන්තව වැඩ කටයුතු සිදුකිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                  ජය අංකය: 07

කන්‍යා ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. කායික හා මානසික ශක්තිය ඉතාම ඉහල මට්ටමක පවතින දිනයකි. දුර බැහැර ගම බිමන් ඇතිවන දිනයකි. ආර්ථික මට්ටමද යහපත් වන දිනයකි. උනන්දුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                           ජය අංකය: 03

 

තුලා ලග්නය

ඔබේ වැඩ කටයුතු වලට වෙනදට වඩා බාධා ඇතිවන දිනයකි. නමුත් නිසි සැලසුම් මත ඒවා සාර්ථක කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ජවසම්පන්න කටයුතු වලට මෙන්ම ක්‍රීඩාවට ඉතාම යහපත් දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. සැලසුම් සහගතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. දිනය වඩාත් සුභ වේවි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                    ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

සමාජයේ අන් අය අතර ඉතාම පහසුවෙන් ආකර්ෂණය ලැබෙන දිනයකි. ගමන් බිමන් වලදී හා රිය ධාවනයේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි.ඔබේ වැඩ කටයුතු වඩාත් පහසුවෙන් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                               ජය අංකය:07

 

 

ධනු ලග්නය

මානසික පීඩාකාරී තත්වයන් යටපත් වන සුභ දිනයකි. නමුත් වචන භාවිතයේදී වඩාත් සැළකිලිමත් වන්න. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතු දිනයකි. කලකට පසුව නිදහසේ දිනය ගතකිරීමේ හැකියාව පවතියි. කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                               ජය අංකය: 06

 

 

මකර ලග්නය

නිසි සැලසුම් සහගතව ඔබේ වැඩ කටයුතු කරගෙන ය යුතු දිනයකි. ලිපි ලේඛන හා තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. පාද හා දණහිස් ආශ්‍රිත රෝග කෙරෙහි වඩාත් සැළකිලිමත් වන්න.රැකියා හා ව්‍යාපාර කටයුතු වලට සුභදායි දිනයකි . ආගමානුකුලව දිනය ගත කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                         ජය අංකය: 09

 

 

කුම්භ ලග්නය

තමන් පිළිබඳව වැඩියෙන් උනන්දුවක් දක්වන දිනයකි. තම පවුලට වඩාත් සමීප වෙයි. කාය ශක්තිය ඉහල මට්ටමක පවතින දිනයකි. සෙම් සහිත රෝග තිබුනානම් ඒ සඳහා ප්‍රතිකාර ගන්න. ඒවා දුරු වන දිනයකි. වඩාත් කල්පනාකාරීව කටයුතු වැඩ කටයුතු සම්පාදනය කරගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                      ජය අංකය: 08

 

මීන ලග්නය

විදෙස් සම්බන්ධතා ශක්තිමත් වන දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග වලින් පීඩා ඇතිවන දිනයකි. මානව සම්පත් කළමනාකාරය ආශ්‍රිත කටයුතු වලට මෙන්ම ව්‍යාපාර කටයුතු වලට වඩාත් සුභ දිනයකි. නමුත් කල්පනාවෙන් තීන්දු තීරණ ගත යුතු දිනයකි. රැකියා ව්‍යාපාර කටයුතු වල නිසි සැලසුම් සකස් කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                      ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක  
දුරකථන:  076 676 53 53  


News Articles
Latest Videos
Most Popular Post