News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

අද එක ලග්නයකට මංගල යෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

441 Views


අද එක ලග්නයකට මංගල යෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 මාර්තු මස 20 වනදා 
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.19 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.16 සිට 04.46 දක්වා 
සුභ දිශාව: ඊසාන
 

 

මේෂ ලග්නය

නියෝජිතයෙකු ලෙස වෙනත් ස්ථානයකට යාමට සිදුවන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වඩාත් සාධාරණව  අවංකව කටයුතු කළහැකි දිනයකි. අන් අය සමඟ කරන වැඩ  කටයුතු වලදීද වඩාත් කල්පනාකාරී වන්න. දෙමාපිය හා වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් යහපත් වේවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රෝස පැහැය                                                    ජය අංකය: 01

වෘෂභ ලග්නය

කෝපයෙන් හා කලබලයකින් තොරව වැඩ කටයුතු කරගෙන යුතු දිනයකි. නොදන්නා දෙයක් නම් කෙනෙකුගෙන් දැන ගතයුතු දිනයකි. වඩාත් කල්පනාකාරීව තම වැඩ කටයුතු සියල්ල සම්පාදනය කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                ජය අංකය: 03

මිථුන ලග්නය

ලේඛන වැඩ කටයුතු  මෙන්ම සියලුම කලා කටයුතු වලට වඩාත් සුභ දිනයකි. ඉවසීමෙන් මෙන්ම නිහඬව තම වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. අන් අයට ඇහුම්කන් දිය යුතු දිනයකි. ආගමට දහමට වැඩියෙන් නැඹුරු වන්න.  අන් අය සමඟ තර්කයට නොයන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                       ජය අංකය: 02

 

කටක ලග්නය

ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඔබට අතපසු වුනු වැඩ කටයුතු සියල්ල නැවත ආරම්භ කිරීමට වඩාත් යෝග්‍ය දිනයකි. විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටි සුභ දිනයකි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද යෝග්‍ය දිනයකි. වඩාත් සාර්ථකව තම වැඩ කටයුතු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 01

සිංහ ලග්නය

උපතින්ම එන මනා පෞරුෂය ඔබට අද වැඩි වාසි ගෙනදෙන දිනයකි. අන් අයට ආදර්ශමත්ව දිනය ගත කරයි. නිවසක්, වාහනයක් මිලදී ගැනීමට නම් ඔබට වඩාත් යෝග්‍ය දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිසි වෙලාවට ආහාර හා ජලය ගතයුතු දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                        ජය අංකය: 09

කන්‍යා ලග්නය

ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් විය විය යුතු දිනයකි. අවිවාහක අයට මංගල යෝග ඇතිවන සුභ දිනයකි.  වඩාත් සුභ දිනයකි. සිතෙහි බොහෝ කලක් පැවති බලාපොරොත්තු ඉටුවන සුභ දිනයකි. කරනා වැඩ කටයුතු කල්පනාකාරීව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                 ජය අංකය: 08

 

තුලා ලග්නය

වෙලාවට වැඩ කටයුතු කිරීමට බලාගන්න. වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දිනයකි.අනවශ්‍ය දේ ඉවතලා ප්‍රශ්න හමුවේ සාර්ථකව කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලා නිර්මාණ වලට අතර  අන් අය මනාවට තේරුම් ගන්න අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි.
ජය වර්ණය: දම් පැහැය                                      ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

ඔබේ සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතුයි. අන් අයගේ දුකට පිහිට වන දිනයකි. නිසි ව්‍යායාම හා ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.ගමන් බිමන් වලදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. නිවසේ ආරක්ෂාව පිළිබඳවද වැඩි සැළකිල්ලක් දැක්විය යුතු දිනයකි. තියුණු නුවණින් යුතුව කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: රතු පැහැය                                             ජය අංකය: 06

 

 

ධනු ලග්නය

නිදහසේ දිනය ගත කිරීමට ආශා කරයි. බුද්ධිමත්ව කටයුතු කළහැකි දිනයක් වන මුත් තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. නිතරම සන්සුන්ව වැඩ කටයුතු කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය                                                  ජය අංකය: 05

 

මකර ලග්නය

අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකිය යුතු දිනයකි. ව්‍යායාමයක් තුලින් දිනය ආරම්භ කරන්න. කෞතුක භාණ්ඩ ලැබීමට ඇති දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                 ජය අංකය: 04

 

 

කුම්භ ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. දියුණු වීමට වැඩ කටයුතු සැලසෙන ඔබට සෑම අතින්ම  වඩාත් යෝග්‍ය දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: නිල් පැහැය                                                ජය අංකය: 03

 

 

මීන ලග්නය

දුබල අයට පිහිට වීමට ආශාවන් ඇතිවන දිනයකි. ඔබට පැවරෙන වගකීම් ඉතාම සාර්ථකව හසුරුවාගත හැකි අතර තනතුරු හා නම්බු නාම ලැබිය හැකි දිනයකි. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු සම්පාදනය කරගතයුතු දිනයකි. අන් අයගේ වැඩි ගෞරවයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                                         ජය අංකය: 02
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post