News Line| Off Air| Games
Generic placeholder image

Sep
12

හෙරොයින් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට.

318 Views


හෙරොයින් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට.

හෙරොයින් සමග පුද්ගලයින් සිව්දෙනෙකු කුරුණෑගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වෑන් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කරන බවට කුරුණෑගල පොලිසියට ලද තොරතුරකට අනුවයි.

පොලිසිය විසින් සැකකරුවන් රැුගත් වෑන් රථය කුරුණෑගල පිලීකඩ ප‍්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමට යාමේදී රථය පොලිස් නිලධාරියෙකුගේ ද ගැටීමට සලස්වා ඉදිරියට ධාවනය කර තිබුණා.

එහිදී පොලිසිය විසින් වෙඩි තැබීමක් ද සිදු කළ ද නොනවත්වා ධාවනය වූ වෑන් රථය පසුව අතහැර දමාගොස් තිබියදී සොයා ගැනුණේ මිල්ලව ප‍්‍රදේශයේදීයි.

සැකකරුවන් පළගොස් තිබූ අතර පොලිසිය විසින් කළ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 35 යි මිලි ග‍්‍රෑම් 970 ක් සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් අද කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් සැකකරුවෙකු සහ අනතුරට ලක් වූ පොලිස් නිලධාරියා කුරුණෑගල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post