ලිබියානු මුහුදු සීමාවේදී සංක‍්‍රමණිකයින් රැුගත් යාත‍්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මියගිය අය අතරට කුඩා දරුවන් 20 දෙනෙකු ඇතුළත්. තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා ලිබියා ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.
අනතුරට පත්වූ යාත‍්‍රාවේ සිටි පුද්ගලයින් 276 දෙනෙකු නිරුපද්‍රිත බේරාගෙන තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අපි‍්‍රකාවේ සිට යුරෝපය බලා නීතිවිරෝධීව ගමන් කරමින් සිටි සංක‍්‍රමණිකයින් පිරිසක්. ඔවුන් මේ වනවිට ලිබියාවේ කෝම්ස් නගරයේ තාවකාලික මධ්‍යස්ථානයක රදවා සිටිනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ වාර්ෂිකව අනවසර සංක‍්‍රමණිකයින් 20 000කට අධික පිරිසක් ලිබියානු මුහුදු සීමාව හරහා ඉතාලියට සංක‍්‍රමණය වන බවයි.