News Line| Off Air| Games
Generic placeholder image

Sep
14

20 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය කල් යයි.

577 Views


20 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය කල් යයි.

ජනතා විමුක්ති පෙරමුණ මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ විසි වන සංශෝධන යෝජනාවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සදුදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

ඒ අදාළ යෝජනාවට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 12 ක් අද සිසිර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු මහත්ම මහත්මීන් ගෙන් සමන්විතත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග සඳහා යළි කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා මෙරට ජනතාව කීප වතාවක්ම තම කැමැත්ත ප‍්‍රකාශ කර ඇති බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සිට බලයට පැමිණි සියලූ‍ ජනාධිපතිවරු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් වරම් ඉල්ලා සිටි බව ඔහු සදහන් කළා.

එබැවින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තුළින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post