News Line| Off Air| Games
Generic placeholder image

May
12

නිතර භාවිතා කරන සේවා වල ඔබ නොදන්නා රහස් 07 ක්…

1021 Views


නිතර භාවිතා කරන සේවා වල ඔබ නොදන්නා රහස් 07 ක්…

එදිනෙදා වැඩ පහසු කර ගන්න අපි තාක්ෂණය නිතර බාවිතා කරනවනේ. මේ විදිහට පාවිච්චි කරන සමහර තාක්ෂණික මේවලම් වල සැගවිලා තියන සේවා ගැන තියන නොදැනුවත්කම නිසා අපිට ඒවායින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ සොයාබලන්න යන්නේ ඒ වගේ තොරතුරු කීපයක් ගැන විස්තර…

1. ඔබේ Vibrate දමා ඇති Android දුරකථනය නිවසේදී අස්ථානගත වුනොත් Lost Phone ලෙස ගූගල් වලට ඇතුලත් කර ඔබට දුරකථනය ශබ්දයෙන් Ring කරන්න පුළුවන්. ඒ වගේම නිවසෙන් පිටතදී නැති වුනොත් ඔබට මේම ක්‍රමය මගින් දුරකථනය තිබෙන ස්ථානය දන ගැනීමට වගේම එය Lock කරන්න සහ අවශ්‍යනම් එහි තිබෙන දත්ත මකන්නටත් පුළුවන් .

2. වැරදීමකින් වෙබ් බ්‍රව්සර් එකේ ටැබ් එකක් Close වුනොත් Control+Shift+T යන යතුරු ඔබල ඒ ටැබ් එක නැවත ගන්න පුළුවන්.

3. iphone එකක් ipad charger එකකින් charge කලොත් වඩා ඉක්මනින් charge වෙනවා.

4. වෙබ් බ්‍රව්සර් එකේ incognito mode බාවිතා කිරීමෙන් ගුවන් ටිකට් පත් අඩුවට මිලදී ගැනීමේ යම් සම්බවිතාවක් පැවතිය හැකි බව හේතුව වන්නේ ඔබ කිහිපවරක් වෙබ් අඩවිය තුල සැරිසරන විට ඔවුන් මිල ගණන් වැඩි කරන නිසා.

5. ඔබට google එක timer එකක් ලෙස හෝ alarm එකක් ලෙස යොදා ගන්න පුළුවන්. ඔබ කරන්න ඕන Set Timer ලෙස Search කිරීම පමණයි.

6. ඔබේ දුරකථනයේ බැටරිය ගොඩක් අඩු වෙලා ඇත්නම් එය ක්‍රියාවිරහිත නොකර ඒ වෙනුවට Airplane Mode එක On කිරීමෙන් ඔබට තවත් වෙලාවක් එය On එකේ තබා ගන්න පුළුවන්. මොකද Off කරල ආපහු On කරද්දී බැටරියේ විශාල ශක්තියක් අපතේ යනවා.

7. ඉස්කෝලේ Projects / Assignments වැනි දේ සදහා තොරතුරු සොයන්න google .com බාවිතා කිරීම වෙනුවට scholar.google.com බාවිතා කිරීමෙන් ඔබට බොහෝ තොරතුරු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post