News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

අළුගෝසු තනතුරට 8 ක් අයදුම් කරලා. 5 ක් පඩි නැතුව එන්න කැමතියි.

1738 Views


අළුගෝසු තනතුරට 8 ක් අයදුම් කරලා. 5 ක් පඩි නැතුව එන්න කැමතියි.

වැරද්දක් කලොත් ඒ පව් කරත්තේ බැඳී ගොනා පිටුපස එන කරත්ත රෝදය වගේ පිටිපස්සෙන්ම එනවා. කවදම හරි ඒ කරපු වැරදි වලට දඬුවම් විඳින්න වෙනවාමයි. මේ දවස්වල ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රධානම මත්රුවක වෙලා තියෙන්නෙත් ඒක.

ඒ මරණ දඬුවම ගැන. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනපති කැමැත්ත පලකරා. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ වධකයෙක් නැති එක. වධක තනතුර සඳහා අයදුම්පත් කැඳවන්න සූදානමින් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව හිටියේ. කන්න ඕන වුනාම ඉබ්බා ගෙටම එනවා කියන්න වගේ අයදුම්පත් කැඳවනත් කලින් 8 දෙනෙක් අයදුම්පත් එවලා තියෙනවා.

කොහොම වුනත් අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරන්න වෙනවා කියලයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ තාමත් වධක තනතුර සඳහා පුද්ගලයින් බන්ධවා ගන්න ගැසට් පත්‍රය නිකුත් කරලා නැති නිසා.

මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කිව්වා ගමන් හලාවත ප‍්‍රදේශයේ වැඩිහිටි කාන්තාවක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඒ වගේම අනුරාධපුර මහවිලච්චිය ප‍්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකු ද වධක තනතුර භාරගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදිපත් වෙලා ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post