News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් 971 ක්

625 Views


2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් 971 ක්

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 19 වැනිදා කොල්කටා හිදී පැවැත්වෙනවා.

ඒ සඳහා ඉන්දීය ක්‍රීඩකයින් 713 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 258 දෙනෙකු කණ්ඩායම් 8 පුරාවට ඉතිරිව පවතින අසුන් 73 ක් සඳහා සටන් වදිනු ඇති.

මේ සඳහා ඉදිරිපත් වන ඉන්දීය ක්‍රීඩකයින් 713 දෙනා අතර දැනට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයින් 19 දෙනෙක්, IPL තරගාවලිය සඳහා පළමු වරට ඉදිරිපත් වන ක්‍රීඩකයින් 60 දෙනෙක් ඇතුලත්.

සත්කාරක ඉන්දියාව හැරුණු කොට වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් සහභාගී වන්නේ ඕස්ට්‍රේලියාවෙන් වන අතර, ඇමරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය නියෝජනය කරමින් එක් අපේක්ෂකයින් දෙදෙනෙක් බැඟින් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව තිබෙනවා.

එක් එක් රටවල් නියෝජනය කරමින් 2020 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා නම් ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව පහත පරිදි වනවා.

ඇෆ්ගනිස්තානය – 19
ඕස්ට්‍රේලියාව  – 55
බංග්ලාදේශය – 06
එංගලන්තය – 22
නෙදර්ලන්තය – 01
නවසීලන්තය – 24
දකුණු අප්‍රිකාව – 54
ශ්‍රී ලංකාව – 39
ඇමරිකා එක්සත් ජනපදය – 01
බටහිර ඉන්දීය කොදෙව් – 34
සිම්බාබ්වේ – 03 


News Articles
Latest Videos
Most Popular Post