News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

වූහාන් සිට සිය මව් රටට පැමිණි පුද්ගලයින් පිරිසකට ප්‍රහාරයක්

9704 Views


වූහාන් සිට සිය මව් රටට පැමිණි පුද්ගලයින් පිරිසකට ප්‍රහාරයක්

චීනයේ සිට පැමිණි පුද්ගලයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ පෙළකට යුක්‍රේනයේ පොල්තවා නගරයේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

අදාළ පිරිස යුක්‍රේනයට ගෙන ඒම පිළිබඳව විරෝධය පල කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

කොවිඩ් නයින්ටීන් වෛරසයේ කේන්ද්‍රස්තානය වන චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි පුද්ගලයන් පිරිසක් මෙලෙස යුක්‍රේනයට ගෙනවිත් ඇති අතර යුක්‍රේන ජාතිකයන් හතළිස් පස් දෙනෙක් සහ විදේශිකයන් විසි හත්දෙනෙකු එහි සිටි බව සඳහන්.

එම පිරිස නිරෝධායනය සඳහා දින 14ක කාලයක් රෝහලක රැඳවීම සැලසුම වී තුබූ බවත් පිරිස නිරෝධායනය සඳහා අදාළ රෝහල වෙත ගෙන යමින් සිටින අතුරතුරදී ඔවුන් රැගත් බස් රථ පෙළට ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

කොවිඩ් වෛරසය පැතිරෙනු ඇතැයි හටගත් භීතිය නිසා මේ පිරිස යුක්‍රේනයට ගෙන ඒමට විරුද්ධවූ පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුමක්ද හටගත බව සදහන්.

මෙම සිදුවීමත් සමග විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ වූහාන් සිට ගෙන ආ පිරිසෙන් වෛරසය පැතිරයාමේ අවධානමක් නොමැති බවයි.

එමෙන්ම මෙවැනි අවස්ථාවකදී සහකම්පන ගුණාංගය පෙන්වන ලෙසත් ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

වූහාන් සිට රැගෙන ආ පුද්ගලයන් අතර කොවිඩ් වෛරසය ආසාදිතයන් සිටින බවට මෙතෙක් තහවුරු වී නොමැති බව යුක්‍රේන සෞඛ්‍ය අමාත්‍යාංශයද තහවුරු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post