News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

ඉන්දුනීසියාවෙන් රාමායනය තේමා කර ගත් ගීත නාටකයක්

489 Views


ඉන්දුනීසියාවෙන් රාමායනය තේමා කර ගත් ගීත නාටකයක්

ඉන්දුනීසියානු සම්භාව්‍ය ප්‍රාසාංගික කලා කණ්ඩායමක් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී ප්‍රසංගයක් පවත්වා තිබෙනවා.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වර්ෂ 70ක් සම්පූර්ණවීම නිමිති කරගෙන මෙය පවත්වා ඇති බව සදහන්.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ භුබනේෂ්වර් නගරයේදී මෙම විෂේශ ප්‍රසංගය පවත්වා ඇති අතර මෙම ප්‍රසංගයේ ඉදිරිපත්කිරීම් සිදුකළේ ඉන්දුනීසියාවේ සම්භාව්‍ය ප්‍රාසාංගික කලා කණ්ඩායමක් විසින්.

ඔවුන් විසින් ඉදිරිපත් කළ ගීත නාටකයට රාමායණයේ එන කතා පුවතක් තේමාවී තිබෙනවා.

ඉන්දුනීසියාව සහ ඉන්දියාව සියවස් දෙකක පමණ සිට සංස්කෘතික හා වාණිජ සබඳතා පවත්වන අතර විශේෂයෙන්ම ඉන්දියාවේ නැගෙනහිර වෙරළතීරයේ නගර හා ඉන්දුනීසියාව අතර සබඳතාව ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන බව විදෙස් වාර්තා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post