News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

මහජන සාමය පවත්වාගෙන යෑමට අදාලව ත්‍රිවිධ හමුදාව යෙදවිම පිලිබදව අති විශේෂ ගැසට් නිවේදනයක්

651 Views


මහජන සාමය පවත්වාගෙන යෑමට අදාලව ත්‍රිවිධ හමුදාව යෙදවිම පිලිබදව අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලවයි.

හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

ඒ අනුව කොළඹ,ගම්පහ, කළුතර,නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලයහා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවීම පිලිබදව නිවේදනයේ ඇතුලත්ව තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post