News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

තහනම් කරන ලද රූපලාවණ්‍ය ආලේපන තොගයක් රත්නපුර නගරයෙන් අල්ලයි

544 Views


තහනම් කරන ලද  රූපලාවණ්‍ය ආලේපන තොගයක් රත්නපුර නගරයෙන් අල්ලයි

රත්නපුර දිස්ත්‍රික් ප්‍රධානි ඇතුළු රත්නපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදි රත්නපුර නගරයේ අලෙවි කිරීම තහනම් කරන ලද රූපලාවණ්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ආලේපන වල අඩංගු අධික රසදිය නිසා සමට අහිතකර බව මෙන්ම ඒවා පිළිකාකාරක ලෙසද පරීක්ෂණ මඟින් සනාථ වී ඇති පසුබිමක වෙළෙඳපොල තුළ අලෙවි කරන බව අනාවරණය වී තිබෙන්නේ. පිට පළාත්වලින් තොග ලෙස ලබා ගන්නා මෙම ආලේපන රත්නපුර නගරය තුළ අලෙවි කර ඇති අතර රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනාකමකින් යුතු මෙම ආලේපන තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post