News Line| Off Air| Games
Generic placeholder image

Sep
21

ඇෆ්ගනිස්ථානය බංගලියන්ට නයි පෙන්වයි. – Photo

2022 Views


ඇෆ්ගනිස්ථානය බංගලියන්ට නයි පෙන්වයි. – Photo

ආසියානු කුසලානයේ තවත් තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර. බන්ගලියන් පරාජය කළ ඇෆ්ගනිස්තය ආසියානු කුසලානයේ තවදුරටත් අපරාජිතව ඉදිරියට යන්න සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත්ත ඇෆ්ගනිස්ථානය මුලින්ම පිත්ත අතට ගත්තා. ඇෆ්ගන් මුල්පෙළ අසාර්ථක වුනත් මැද පෙළ ශක්තිමත් කරන්න හෂ්මතුල්ලා ශහිදී සමත් වුණා. ඔහු ලකුණු 58 ක් රැස් කරා. 8 වන කඩුල්ලට නොබිඳුණු ලකුණු 95 ක සබඳතාවක් ගොඩ නගන්න නයිබ් සහ රෂිඩ් ඛාන් සමත් වුණා.

නයිබ් ලකුණු 42 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රෂිඩ් ඛාන් නොදැවී ලකුණු 57 යි. 4 පහර 8 ක් සහ දැවැන්ත 6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුලත් වුණා.පන්දුවාර 50 අවසානයේ ඇෆ්ගනිස්ථානය කඩුලු 7 ක් දැවී ලකුණු 255 ක් රස කර ගත්තා. ෂකිබ් අල් හසන් කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලියන්ට පහසුවෙන් ලකුණු ලබා ගන්න ඇෆ්ගන් පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. ෂකිබ් ලකුණු 32 යි. මහමදුල්ලා ලකුණු 27 යි. මොස්සඩෙක් හොසේන් ලකුණු 26 ක් ලබා ගත්තා. අනිත් කිසිම බංගලාදේශ පිතිකරුවෙන්ට හැකියාව ලැබුණේ නෑ. ලකුණු 119 කට බංගලාදේශ ඉනිම අවසන් වුණා. මුජිබර් රහමන්, නයිබ් සහ රෂිඩ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඇෆ්ගනිස්ථානය ලකුණු 136 ක දැවැන්ත ජයක් ලබා ගත්තා. උපන්දිනය දවසේ පිත්තෙන් වගේම පන්දුවෙනුත් වැඩ පෙන්නපු රෂිඩ් ඛාන් තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post