News Line| Off Air| Games
Generic placeholder image

Oct
14

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම දෙසැම්බර් මාසයේදී?

489 Views


සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම දෙසැම්බර් මාසයේදී?

ශිෂ්‍යයෙක් ගේ ජීවිතයේ වැදගත්ම කඩයිම් දෙකක් තමයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග. මේ දක්වාම සාමාන්‍ය පෙළ විභාගය පැවැත් වෙන්නේ දෙසැම්බර් මාසයේ. උසස් පෙළ විභාගය පැවැත් වෙන්නේ අගෝස්තු මාසයේ.

හැබැයි අනාගතයේදී මේ විභාග දෙකම දෙසැම්බර් මාසයේදී පවත්වනවා කියලා අධ්‍යාපන ඇමතිවරයා කියනවා. මහනුවර හේවාහැට ප‍්‍රදේශයේදී තමයි මාධ්‍යට අදහස් දක්වමින් අකිල විරාජ අමත්‍යවරයා මේ බව සඳහන් කරේ.

“අනාගතයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම දෙසැම්බර් මාසයේ පවත්වලා විභාග ප්‍රතිඵලත් දෙන ක්‍රමයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ අභියෝගය අපි විභාග කොමසාරිස්වරයාට ලබා දෙනවා.” කියලයි එතුමා කිව්වේ.

“අපි පහුගිය කාලවල තවත් සෑහෙන පාසල්වලට නිවාඩු දීලා තියෙනවා උත්තර පත්‍ර බලන්න. දැන් ඒ ඔක්කොම වෙනස් කරන්න යෝජනා කරලා තියෙනවා. අධ්‍යාපනයට ප්‍රයෝහිකත්වය දෙන්න අපි පහුගිය කාලේ උත්සාහා කරා. තවත් ගොඩාක් දේවල් ඉස්සරහට කරන්න තියෙනවා.” කියලයි අකිල අම්ත්යවරා වැඩි දුරටත් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post