News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

ජල සම්පාදනය සම්බන්ධ සියළු තොරතුරු කෙටි පණිවිඩයකින්

744 Views


ජල සම්පාදනය සම්බන්ධ සියළු තොරතුරු කෙටි පණිවිඩයකින්

ජල සම්පාදනය පිළිබඳ හදිසි බිඳ වැටීම් ඇතුලු සියළු තොරතුරු, කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව ජල බිල්පත පිළිබඳ නවතම තොරතුරුද මෙම කෙටි පණිවිඩ සේවයෙන් ලබා ගත හැකියි.

ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0779 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැකි බවද ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසාවෙන් ජල මුලාශ්‍රවල ජල මට්ටමද මේ වන විට පහත වැටී ඇති බව පවසන මණ්ඩලය ජල සැපයුම සීමා නොකර ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

‍ර‍ට මුහුණ දී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර සියලු දෙනා ජලය අපතේ නොයන සේ පරිහරණය කළ යුතු බවත් ජලාපවාහන මණ්ඩලය අවධාරණය කරනවා.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති මෙම අවස්ථාවේ දී ජල කරාම විවෘතව නොතබන ලෙසත්, මේ මොහොතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කර සැමට පානීය ජලය අඛණ්ඩව ලබා දීමට දායකත්වය ලබා දෙන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post