News Line| Off Air| Games
Generic placeholder image

Dec
9

මැදපෙරදිග රටවල තානාපතිවරුන් හා ජනපති අතර හමුවක්

565 Views


මැදපෙරදිග රටවල තානාපතිවරුන් හා ජනපති අතර හමුවක්

මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදි ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සුභාශීංසන පළ කළ තානාපතිවරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීමට කැප වන බවට ද සහතික වූ බව සදහන්.

පලස්තීනය, ඊජිප්තුව, කුවේට්, ඕමාන්, ඉරාකය ලිබියාව හා කටාර් යන රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරු මෙම හමුවට එක් වුණා.


News Articles
Latest Videos
Most Popular Post