News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

මැතිව්ස් ක්‍රිකට් ආයතනයට යවපු සැර ලිපියේ සිංහල පරිවර්තනය.

1030 Views


මැතිව්ස් ක්‍රිකට් ආයතනයට යවපු සැර ලිපියේ සිංහල පරිවර්තනය.

පහුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වුණා. ඒ තේරීම් කමිටුව කරපු ඉල්ලීමකට. නායකත්වයෙන් ඉල්ලා අස්වුණ මැතිව්ස් ඒ ගැන කියලා ක්‍රිකට් ආයතනයට ලිපියක් එවලා තිබ්බා.

මේ ලිපියෙන් ඔහු පාර්ශව කිහිපයකටම චෝදනා කරලා තිබ්බා. විශේෂයෙන්ම තේරීම් කමිටුව සහ පුහුණුකරු තමන්ව බිල්ලට දීලා කියලා ඔහු ලිපියෙන් චෝදනා කරලා තියෙනවා. මේ තියෙන්නේ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට යවපු ලිපියේ සිංහල පරිවර්තනය.

ඇන්ජලෝ ඩේවිස් මැතිවුස්,
167/16, ඒ. එස්. පී. ලියනගේ මාවත,
හේකිත්ත, වත්තල,
ශ්‍රී ලංකාව.

ඈශ්ලි ද සිල්වා මයා,
ශ්‍රී ලංකා ක්‍රිකට්,
නො. 35,
මේට්ලන්ඩ් පෙදෙස,
කොළඹ 07.

දයාබර ප්‍රධාන විධායක නිලධාරීතුමණි,
” ශ්‍රී ලංකා එක්දින සහ ට්-20 ක්‍රිකට් කණ්ඩායමෙහි නායකත්වය සම්බන්ධවයි “

2018 සැප්තැම්බර් 21 වෙනි සිකුරාදා, සියලු තේරීම් කමිටු සාමජිකයින්ගේ සහ, ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයේදී පැවති හමුවෙන් අනතුරුව මා ඔබ වෙත ලියමි. මෙම හමුවේදී, තේරීම් කමිටු සාමාජිකයින් සහ, පුහුණුකරු විසින්, ශ්‍රී ලංකා එක්දින සහ T-20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන ලෙස මා හට දැනුම් දෙන ලදී. මුලදී මා පුදුමයට පත්වූ නමුත්, බංගලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව දැක්වූ දුර්වල ක්‍රීඩාවිලාශ වෘතාන්තයේ බිල්ල ලෙස මා යොදාගෙන ඇති බව මා ඉක්මණින්ම වටහාගතිමි. පරාජයේ කොටස්කරුවෙකු වන්නට මා සූදානම් නමුත් එමෙන්ම, සම්පූර්ණ ද්‍යෝෂාරෝපණය මා වෙත තනිව පැවරීමෙන් මා හට පාවදීමක් සහ කඩාවැටීමක් දැණිනි. ඔබ දන්නා ආකාරයටම, සියලු තීරණ ගන්නා ලද්දේ තේරීම් කමිටු සාමජිකයන්ගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ අනුදැනුමෙන් ය. පරාජයන් කැටිකොට නායකත්වය මත පැවරීම මා පිළිනොගන්නා නමුත්, නායකත්වයෙන් ඉවත්වන ලෙස තේරිම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු කරන ලද ඉල්ලීම මා උනන්දුවෙන් සහ හදවතින් පිළිගන්නා අතර, ඉතා ඉක්මණින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදමි.
නොකඩවා අවුරුදු 5ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු ආකෘතීනිහි නායකත්වය දැරීමෙන් අනතුරුව, 2017 ජූලි මස මා නායකත්වය අත් හරින ලද බව ඔබ සිහිකරගත යුතුය. මාගේ මෙම නායකත්ව සමය අතරතුර, එංගලන්තයට එරෙහිව තරඟාවලි ජයග්‍රහණ, ඕස්ට්‍රේලියාවට එරෙහිව 3-0 සම්පූර්ණ තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීම සහ 2014 දී ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම අමතක නොවන සිදුවීම් වේ. කෙසේ හෝ කණ්ඩායමේ සුභසිද්ධිය උදෙසා නව නායකත්වයක් සඳහා කාලය එළඹ ඇති බව දැනීමෙන් අනතුරුව, මා ස්ව කැමත්තෙන්ම 2017 ජූලි මාසයේදී නායකත්වයෙන් ඉවත් වූයෙමි.

ඉන් අනතුරුව, සියලු තරඟාවලි ආකෘතීන්හි නායකයන් කිහිපදෙනෙකු යටතේ ශ්‍රී ලංකාව ලැබූ දරුණු පරාජයන්ගෙන් අනතුරුව, නම් වශයෙන් සඳහන් කරයි නම්, උපුල් තරංග, තිසර පෙරේරා, චාමර කපුගෙදර, ලසිත් මාලිංග සහ දිනෙෂ් චන්දිමාල් ගේ සමයන් යටතේදී 2017 ජූලි සිට 2017 දෙසැම්බර් දක්වා ලැබූ පරාජයන්ගෙන් අනතුරුව, ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ චන්දික හතුරුසිංහ මහතා පෞද්ගලිකවම මා හමුවී, 2019 ලෝක කුසලානය තෙක් නායකත්වය බාරගැනීම සඳහා නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටින ලදී.
මාගේ පවුලේ අයගේත්, මාගෙ සමීප මිතුරන්ගේත්, මාගේමත් ප්‍රතිරෝධය යටතේ වුවත්, හතුරුසිංහ සහ ඔහුගේ කණ්ඩායම නැවත නගා සිටුවීමේ උපායන් මත විශ්වාසය තැබීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ රටේ සුභසිද්ධිය උදෙසා ලෝක කුසලානය වනතුරු එසේ කිරීමට මා එකඟ වූයෙමි.

මා මෙහි අවශ්‍යයෙන් සඳහන් කල යුතු දේ නම්, විශේෂයෙන් දකුණු අප්‍රිකාවත් සමග නිමාවූ ගෞරවාන්විත තරඟාවලියකින් පසුව, ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව ලැබූ අමිහිරි දරුණු පරාජයන් නිසාවෙන්, එමෙන්ම ලෝක කුසලානයක් සඳහා තරඟ දුසිමක් පමණ ඉතිරිව තිබියදී එලඹුණු ගැටලු වලින්, අත් හැර පැනයාමට මා හට කිසිදු අරමුණක් නොතිබූ බවයි.

තවදුරටත්, ක්‍රීඩකයෙකුගේ වගකීම වනයුරින්, මා ඉතා පරිශ්‍රමයෙන් ක්‍රීඩාවේ සියලු අංශයන්හි මගේ වගකීම ඉටුකරන අතර, ලැබෙන ඕනෑම අවස්තාවකදී රට වෙනුවෙ මාගේ උපරිමය ලබාදීමට සූදානමින් සිටිමි. එමෙන්ම, තේරීම් කමිටුව සහ පුහුණුකරු, මා තවදුරටත් එක්දින සහ T-20 තරඟ ක්‍රීඩා කිරීමට ශාරීරික යෝග්‍යතාවයෙන් පසු නොවන බව සහ එම නිසා මාගේ කණ්ඩායමේ ස්ථානයට නුසුදුසු බව දකියි නම්, කණ්ඩායමට බරක් නොවී එක්දින සහ T-20 ආකෘති වලින් විශ්‍රාම ගැනීමට මා සලකා බලමි.

සෑම අවස්තාවකම මා මගේ හෘදය සාක්ශියට අනුකූලව මගේ උපරිමය ලබා දී ඇති අතර, මා ක්‍රීඩා කිරීම සඳහා මනා ශරීර යෝග්‍යතාවයකින් පසුවෙන බවත්, මෙම කාලය පුරාවට කණ්ඩායමේ මාගේ ස්ථානය රැකගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ක්‍රීඩාකර ඇති බව මා විශ්වාස කරමි. එමෙන්ම පසුගිය දකුණු අප්‍රිකා සංචාරයේ කණ්ඩායම් දෙකෙහිම වැඩිම ලකුණු ලාභියා මා බව ඔබ දැනගත යුතුය.

මෙම සියලු තත්වයන් යටතේ, තේරීම් කමිටුවේ සහ ප්‍රධාන පුහුණුකරුගේ, නායකත්වයෙන් ඉවත්වන ලෙස කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, මෙසේ ශ්‍රී ලංකා එක්දින සහ T-20 කණ්ඩායම් නායකත්වයෙන් මා වහා ඉවත්වෙමි. නායකත්වයෙන් ඉවත්වීම සඳහා පෞද්ගලිකව මා හා ආසියනු කුසලානය සම්බන්ධව කරුණු ගෙනහැර දක්වමින්, මේ ආකරයෙන් නායකත්වයෙන් ඉවත්වීම සඳහා ඉඩ සලසාදීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවට සහ ජාතික පුහුණුකරුට මාගේ ස්තුතිය පළකරමි.

ජාතික කණ්ඩායමට සහ ඔබ සැමට මගේ සුභපැතුම්!

– ඇන්ජලෝ මැතිවුස් –

පරිවර්තනය අනුර සම්පත්.


News Articles
Latest Videos
Most Popular Post