News Line| Off Air| Games
Generic placeholder image

Aug
21

විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සංග්‍රහයක්. – Video

1264 Views


විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සංග්‍රහයක්. – Video

මොනවා නැති වුනත් ලංකාවට උද්ඝෝෂණ වලින් නම් අඩුවක් නෑ. අද විශ්ව විද්‍යාල සිසුන් කොළඹට ආවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට විරෝධය දක්වන්න.

ලිප්ටන් වටරවුම අසලට රැස් වුන විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවයක නිරත වුණා. මේ නිසා කොළඹ නගර සභාව අවට දැඩි රථවාහන තදබදයක් දකින්නට ලැබුණා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුල්වෙන්න හදපු විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරා.

නමුත් විසිරි ගිය විශ්ව විද්‍යාල සිසුන් ආයෙමත් ලිප්ටන් වටරවුම එකතු වෙලා විරෝධතාවයක නිරත වුණා. නැවතත් පොලිසියෙන් ඔවුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල වුණා. ඒ වගේම ලිප්ටන් වටරවුම අසල පවත්වාගෙන ගිය අග්නිදිග විශ්ව විද්‍යාල සිසුන්ගේ සත්‍යග්‍රහයටත් පොලිසියේ ජල ප්‍රහාර එල්ල වුණා.

තමන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මුණගැසෙන්න ආවත් ඒ වෙනුවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරා කියලයි විශ්ව විද්‍යාල සිසුන් චෝදනා කරන්නේ.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video

https://www.facebook.com/siyathafmsrilanka/videos/1187141891441732/

https://www.facebook.com/siyathafmsrilanka/videos/2132804276993340/

https://www.facebook.com/siyathafmsrilanka/videos/2116808438639722/

https://www.facebook.com/siyathafmsrilanka/videos/1890018951300361/

https://www.facebook.com/siyathafmsrilanka/videos/278253509654705/


News Articles
Latest Videos
Most Popular Post