මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල නරක කාලයක්. ලංකාව ආසියානු කුසලානයේ පළවෙනි වටයෙන්ම එළියට වැටුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වුණා.
මේ අතරේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තවත් බෝම්බයක් පත්තු කරලා තියෙනවා. අද තිබ්බ උත්සවයකින් පසේ ඔහු කිව්වේ ක්‍රිකට් විනාශ කරේ වත්මන් ආණ්ඩුව කියලා.
“ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා මේ ආණ්ඩුව. ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ. ඔහු තමයි බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ. අද දයාසිරි කියන්නේ බුකිපාලගේ කතා. ඒ නිසා දයාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනී බුකිසිරි කියලා. ඒක නවත්වන්න ලැබෙන්නේ නැහැ……” කියලයි එතුමා කියන්නේ.
තාමත් ලංකාවේ ක්‍රිකට් වැටිලා නෑ කියලයි අමත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරේ. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා නිලවරණයක් තියන්න කියලයි එතුමා ප්‍රකාශ කරේ.
“අපි තාම කියන්නේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන් පසුව නිලවරණයක් තියන්න. එතකන් අතුරු කමිටුවක් පත් කරන්න. අතුරු කමිටුවක් පත් කරන්න බැරිනම් සිදත් වෙත්තමුනිලා, මහේලලා, සංගලා, මුරලිලා වගේ ක්‍රීඩකයෝ ටිකක් දාලා හරි මේක දුවන්න. දැන් ඉන්න ඇමැතිතුමාටත් ඒ ගැන වගකීමක් ගන්න වෙනවා.” කියලයි එතුමා සඳහන් කරේ.
ඒ වගේම වත්මන් ආණ්ඩුවටත් එතුමා ක්‍රිකට් විනාශ කිරීම ගැන චෝදනා කරා. “මම නම් හිතන්නේ අපේ යහපාලන ආණ්ඩුවේ අයහපත්ම දේ සිද්ධ වුණේ ක්‍රිකට් වලට. මේ තත්වය ගැන ජනාධිපතිතුමා, අගමැතිතුමා බලන්න ඕන. නැත්නම් ඊළඟ මැතිවරණයේදී ජනතාව අපිට පාඩමක් උගන්වයි.”