News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

අද ලග්න දෙකක් තීරණ ගැනීමේදී ඉවසන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

434 Views


අද ලග්න දෙකක් තීරණ ගැනීමේදී ඉවසන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද ජනවාරි මස 21 වන ඉරිදා
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.56 සිට
06.27 දක්වා 
සුභ දිශාව: දකුණ 
අසුභ දිශාව: උතුර 

 

 

 

 

මේෂ ලග්නය

පිරිස් බලය ලැබෙන අතර සමාජය තුල ගෞරවනීය බව ලැබෙන දිනයකි. නිවාස තුලදී මෙන්ම අන් අය අතරද තමන් පිලිබඳ ගෞරවනීය හැගීම් ඇතිවන දිනයකි. වැඩිහි උපදෙස් පිළිපැදීම යහපත් වන අතර තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. නිහතමානිකම ඇතිකර ගතයුතු දිනයක්.
ජය වර්ණය: කොළ පැහැය                                             ජය අංකය: 03

වෘෂභ ලග්නය

රැකියා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යහපත් දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. අන් ඇහුම්කන් දෙන්න. ඉවසිලිවන්තව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                      ජය අංකය: 07

මිථුන ලග්නය

සිතෙන සිතෙන දේවල් හැමදෙයක්ම කිරීමට යාමෙන් වැළකිය යුතු දිනයක්. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්. රැකියා හා ව්‍යාපාර වලදී මෙන්ම පවුලේ වැඩ කටයුතු වලදීද අංකව වීම වැදගත් වන දිනයක්.
ජය වර්ණය: දම් පැහැය                                                      ජය අංකය: 04

 

කටක ලග්නය

තනි තීරණ මත ක්‍රියා කිරීම තුලින් ඔබට පෙර නොවූ විරූ අන්දමේ අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි දිනයක්. එබැවින් ප්‍රවේසම් වන්න. තම මිතුරන්ට, පවුලට මෙන්ම වැඩිහිටියන්ට ඇහුම්කන් දිය යුතු දිනයක්. ආඩම්බර ගතිලක්ෂණ ඉවතලා කටයුතු කරන්න. අවංකව හා ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩාත් වැදගත්.
ජය වර්ණය: රන්වන් පැහැය                                                 ජය අංකය: 06

සිංහ ලග්නය

වැඩ කටයුතු හා වගකීම් බහුලව පැවරෙන දිනයක් වන බැවින් මනා සැලසුමක් සහිතව වැඩ කටයුතු කිරීමට සිත යොදවන්න. උසස් හා උගත් පුද්ගලයන්ගේ ඇසුර ලැබෙන දිනයක්. සමාජ ගෞරවයද නොඅඩුව ලැබෙන දිනයක්. අනවශ්‍ය ගමන් බිමන් නොයන්න. සුඛය පිළිබඳව සැළකිලිමත් විය යුතු අතර සෑහෙන කලක පටන් තිබෙන රෝගයකට වහාම ප්‍රතිකාර ගැනීමට යොමුවන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                 ජය අංකය: 07

කන්‍යා ලග්නය

ඔබේ රැකියාව, ව්‍යාපාරය, ඔබේ තරාතිරම කුමක් වුවත් තනි තනි වශයෙන් වෙනදාට වඩා බොහෝ සෙයින් ඔබට වෙහෙසවීමට සිදුවන දිනයක්. තීන්දු තීරණ ගනීම්දී ප්‍රවේසම් වීම වැදගත්. ඔබේ ළගම මිතුරන් පවා සදාකාලික සතුරන් විය හැකි දිනයක් වන නිසා කල්පනාකාරීව හා භාවිත කරන වචන පිළිබඳව දැනුමකින් යුතුව කටයුතු කරන්න. ඉවසීම වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                 ජය අංකය: 09

 

තුලා ලග්නය

තම කාය ශක්තිය, අන් අය අතර තමන්ගේ බලය හා තම පෞරුෂත්වය මනාව පෙන්වාලියහැකි දිනයක්. වගකීම් නිසි ලෙස ඉටු කරන්න. ඔබේ ආදායම් තත්වය යහපත් වේවි. තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. තමන් තුල නිහතමානි ගති ලක්ෂණ ඇති කරගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: කොළ පැහැය                                                    ජය අංකය: 04

 

 

වෘශ්චික ලග්නය

 

නව සිතුවිලි හා නව බලාපොරොත්තු ඇතිවන දිනයක් වනමුත් වෙනදට වඩා බොහෝ ලෙස බලපාන්නාවූ අලසකමක් ඇති වන දිනයක්. එබැවින් කල්පනාකාරීව වැඩකටයුතු ආරම්භ කරන්න. පවුල තුල හා මිතුරන් අතර ගැවසීම යහපත්. තමාගේ වචන භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. අන් අය සමග අසුරේදීද ප්‍රවේසම් වීම වැදගත් වන දිනයක්.
ජය වර්ණය: කහ පැහැය                                              ජය අංකය: 01

 

 

ධනු ලග්නය

අද දින ඔබට වෙනදට වඩා ධන හානි ඇතිවන ඔබේ සැනසීමට බාධා එල්ල වන දිනයක්. අහංකාර ගතිලක්ෂණ අද දින තුල පෙන්නුම් කරන බැවින් ඒවා දුරලා නිහතමානි වීමට වග බලාගන්න. වඩාත් කාර්යබහුල විය හැකි දිනයක් වන නිසාම සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමානුකුලව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රෝස පැහැය                                             ජය අංකය: 09

 

 

මකර ලග්නය

වියදම් ඉහල යා හැකි දිනයක්. එබැවින් තම ව්‍යාපාර වල අදායම හා ලාභ පිළිබඳව නිසි සැලසුම් පවත්වාගෙන යාම වඩාත් වැදගත්. සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැලකිලිමත් විය යුතු දිනයක්. ක්‍රියාශීලී දිනයක් වන නමුත් නිවැරදි තීරණ නොගැනීම මත දිනය අසාර්ථක විය හැකිය. එබැවින් තීරණ ගැනීමේදී වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න.
ජය වර්ණය: නිල් පැහැය                                                          ජය අංකය: 05

 

 

කුම්භ ලග්නය

හොඳ මිතුරන් ආශ්‍රයට ඉඩ ලැබෙන දිනයක් වන අතර සිත සතුටින් ගත කරයි. රැකියාවේ සාර්ථකත්වයක් ඉදිරි දිනවලදී අපේක්ෂා කල හැකිය. අන් අය අතර කැපී පෙනෙන දිනයක්. ගමන් බිමන් වලට යෝග්‍ය දිනයක් වන මුත් ප්‍රවේසම් වීමට වග බලාගන්න. තරහව හා වෛරය ඉවතලා තීන්දු තීරණ ගන්න. ඉතාම යහපත් දිනයක්.
ජය වර්ණය: නිල් පැහැය                                                        ජය අංකය: 07

 

 

මීන ලග්නය

අන් අය සමග කරන ගනුදෙනු වලදී ප්‍රවේසම් වන්න. ඔබ කරන යහපත අයපතක් වීමට වැඩි කල් නොයයි. ඒ නිසාම ඔබ සිත් තැවුලෙන් දිනය ගතකරයි. නමුත් කල්පනාකාරී වීම තුල වැරදුනු තැන මගහරවා ගත හැකිය. ඔබේ දැනුමට වටිනාකමක් හිමිවන දිනයකි. තමන්ට අවංක වීම වඩාත් වැදගත්. වැඩිහිටි උපදෙස් නිතරම ඔබව සුරක්ෂා  කරන බව මතක තබාගන්න.
ජය වර්ණය: නිල් පැහැය                                                   ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන අංකය: 0777 44 86 44  


News Articles
Latest Videos
Most Popular Post