News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

අද විදේශගතවිමක් බලාපොරත්තු වුන ලග්නයකට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින්න් බලන්න.

533 Views


අද විදේශගතවිමක් බලාපොරත්තු වුන ලග්නයකට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින්න් බලන්න.

අද 2018 අගෝස්තු මස 19 වන ඉරිදා
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.51 සිට උදෑසන 06.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.36 සිට සවස 06.03 දක්වා 
සුභ දිශාව: උතුර  
අසුභ දිශාව: නැගෙනහිර 

මේෂ ලග්නය

ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලගතු යුතු දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය – තැඹිලි පැහැය                                             ජය අංකය – 07

වෘෂභ ලග්නය

අද දවස සුබයි . කරන වැඩ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. මත ගැටුම් හා මතභේද වලින් තොරව කටයුතු කිරීමට වග බලාගන්න. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න.
ජය වර්ණය – කහ පැහැය                                                            ජය අංකය – 03

මිථුන ලග්නය

කල්පනාවෙන් වැඩ කටයුතු කළයුතු දිනයකි. සෞඛ්‍ය නම් වෙනදට වඩා අයහපත් වියබ් හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය – කොළ  පැහැය                                                         ජය අංකය – 05

කටක ලග්නය

ඔබේ වචනය පවා බලවත් වන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලටද වඩාත් සුභ දිනයක් වන අත්ඝර විදෙස් රැකියා වලටද යහපත් දිනයකි. නමුත් ඉතාම ප්‍රවේසමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. . ආගමානුකුලව දිනය ගත කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය – ක්‍රීම්  පැහැය                                                 ජය අංකය – 02

සිංහ ලග්නය

අබියෝග ජයගත හැකි දවසක් . මුදල් උපයනවා සේම වියදම්ද වැඩිවන දවසක් රහස් සතුරු බලවේග යටපත් කරගෙන කටයුතු කළහැකි දිනයකි. අන් යට සංවේදීව කටයුතු කිරීමට සිතට ගන්න. ගමන් බිමන් වැඩිවිය හැකි දිනයකි. ඔබ අනිවාර්යයෙන්ම වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතු දිනයකි.
ජය වර්ණය – කොළ පැහැය                                                 ජය අංකය – 06

කන්‍යා ලග්නය

ආදායම් තත්වය නම් සුභ දිනයකි. නිවසේදී මෙන්ම සමාජ ඇසුරේදී පවා දුරදක්නා නුවණින් යුතුව හා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. ඉවසිලිවන්තව කටයුතු කරන්න. ආවේගශීලී නොවන්න. එබැවින්  වැඩිහිටි උපදෙස් අනුව නිහතමානිව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය – ලා කොළ පාට  පැහැය                                                 ජය අංකය – 02

තුලා ලග්නය

අභියෝග ජයගත හැකි දවසක්. ඒවගේම රැකියා ව්‍යාපාර සාර්ථක වන දවසක් . සමාජ කීර්තිය හිමිවන දිනයකි. ඔබේ බලය අන් අය අතර තහවුරු කරගත හැකි දිනයකි. යම් වෙනසක් සහිතව, නව සැලසුම් සහිතව දිනය ගත කරයි. අධ්‍යාපන වැඩ කටයුතු වලට යහපත් දිනයකි. ඉවසීමෙන් යුතුව, සිත පාලනයකින් දිනය ගත කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.

ජය වර්ණය – රෝස  පැහැය                                                    ජය අංකය – 03

වෘශ්චික ලග්නය

 

ඔබ අගන අන් අය අතර ගුණ වැනුම් ඇතිවන දිනයකි. කෝපයෙන් යුතුව කටයුතු නොකරන්න. ඔබේ කීර්ති නාමයට කැළලක් නොවන අයුරින් කටයුතු කිරීමට වග බලාගත යුතු දිනයකි. ආමාශගත රෝග කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දිනයකි. දෙවරක් සිතා බලා කතා කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය – රතු පැහැය                                               ජය අංකය – 03

ධනු ලග්නය

නොසිතු ලෙස යම් යම් යහපත් දේ ඇතිවිය හැකි දිනයකි. ඔබේ කතාවේදී, ගමනේදී වඩාත් ප්‍රවේසම් වන්න. කල්පනාකාරී වන්න. එමෙන්ම ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආදායම් තත්වය නම් යහපත් වන දිනයකි. නව අදහස් උදහස් අනුව කටයුතු කළහැකි දිනයකි. සතුරු බලවේග ඉවතලා වැඩිහිටි උපදෙස් මත ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න.
ජය වර්ණය – තැඹිලි  පැහැය                                             ජය අංකය – 05

මකර ලග්නය

ඔබ අන් අය අතර කැපී පෙනෙන දිනයකි. නොසැලී කටයුතු කළහැකි දිනයකි. ව්‍යාපාර කටයුතු වලටද යහපත් දිනයකි. සියලු අභියෝග හමුවේ ඔබට වෙනදාටත් වඩා සාර්ථක විය හැකි දිනයකි. අනිවාර්යයෙන්ම යම් තරමක බලාපොරොත්තු ඉටුවන දිනයකි. අලුතින් යමක් ආරම්භ කිරීම්ටාද
ජය වර්ණය – ලා නිල්  පැහැය                                                          ජය අංකය – 09

කුම්භ ලග්නය

අදායම් තත්වය යහපත් දවසක් . සිත් තැවුල් ඇතිවන දිනයකි. එබැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. කාර්යබහුල වන දිනයක් විය හැකිය. එමෙන්ම විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි ඔබේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. වෘත්තිමය වශයෙන් යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය – තද  නිල්  පැහැය                                                        ජය අංකය – 05

මීන ලග්නය

සුභ දිනයකි. ආදායම් තත්වය සරුවන දිනයකි. යම් යම් දේවල් නිසා ඔබේ දැනුමට වටිනාකමක් ලැබෙන දිනයකි. අන් අය ඔබෙන් උපදෙස් පතා එන දිනයකි. සමාජ සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් පෙන්වන දිනයකි. නමුත් වියදම් ගැන නම් සැළකිලිමත් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ක්‍රීම්  පැහැය                                                   ජය අංකය – 08
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන – 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post