News Line| Off Air| Games
Generic placeholder image

May
20

අද ලග්න දෙකකට විදෙස් ගමන් කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

708 Views


අද ලග්න දෙකකට විදෙස් ගමන් කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 මැයි මස 20 වන ඉරිදා
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.47 සිට උදෑසන 06.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.26 සිට සවස 05.53 දක්වා 
සුභ දිශාව: දකුණ   
අසුභ දිශාව: උතුර

මේෂ ලග්නය

ඔබ අද බුද්ධියෙන් යුතුව කටයුතු කරන දිනයකි. දුරදක්නා නුවණ ඇතිවන දිනයකි. එමෙන්ම තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කළයුතු දිනයකි. නිතරම පෙරමුණ ගෙන කටයුතු කළහැකි දිනයකි. අන් අය ඔබේ උදව් පතා එන දිනයකිරැකියා කටයුතු සාර්ථක වන දිනයකි. මවට පියාට කළගුණ සලකන්න.
ජය වර්ණය: දම් පැහැය                                             ජය අංකය: 04

වෘෂභ ලග්නය

වෙනදට වඩා එඩිතරව කටයුතු කිරීමට උනන්දු වන දිනයකි. පිරිස් බලය ඔබට ලැබෙන දිනයක් වන අතර අන් අය  අතර කැපී පෙපෙන ඔබට වාසනාව උදාකරදෙන දිනයකි. අන් අයගේ ප්‍රශංසාවට පාත්‍ර වන දිනයකි. අන් අය අතර ඔබ කැපී පෙනෙන දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                            ජය අංකය: 02

 මිථුන ලග්නය

ඔබේ සිතෙහි සතුට ඇතිවන දිනයකි. මනා සංයමයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඔබේ තරාතිරම අනුව ඔබට ප්‍රශංසාවන් ලැබෙන දිනයකි. පවුල් ජීවිතය තුල මොනතරම් බාධා ආවත් ඒවා හමුවේ සාර්ථක වන දිනයකි. කල්පනාකාරීව, ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: නිල් පැහැය                                                         ජය අංකය: 05

කටක ලග්නය

ආත්ම ශක්තිය මනාව අපතින දිනයකි. වෙනදට වඩා කාර්යක්ෂමව කටයුතු කළහැකි දිනයකි. රැකියා කටයුතු සාර්ථක වන දිනයක් වන අතර ඔබේ වැඩ වලට අවශ්‍ය පිරිස් බලයද නොමදව ලැබෙන දිනයකි. නමුත් ඉතාම ප්‍රවේසමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි.  ඉවසීමෙන් යුතුව මෙන්ම ප්‍රවේසමෙන් හා නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                 ජය අංකය: 04

සිංහ ලග්නය

සතුරු බලවේග යටපත් කරගෙන කටයුතු කළහැකි දිනයකි. සියලු අභියෝග ජ ගත හැකි දිනයකි. ආමාශගත රෝග තිබෙනවානම් වඩාත් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. නිසි වෙලාවට ආහාර ගැනීමට යොමුවිය යුතු දිනයකි. අනිවාර්යයෙන්ම වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතු දිනයකි. මවට පියාට කළගුණ සළකන්නට අමතක නොකරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                  ජය අංකය: 05

කන්‍යා ලග්නය

අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කරන දිනයකි. ධනය හා ප්‍රමාදව තිබු මිල මිඋදල් නැවත ලැබෙන දිනයුඅකි. ඔබ කරනා වැඩ කටයුතු වලදී ඉවසීම වඩාත් වැදගත් වන දිනයකි. නව ආදායම් මාර්ග ඇතිවන, ඔබේ ආදායම් තත්වය නම් සුභ දිනයකි. දුරදක්නා නුවණින් යුතුව හා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. විදෙස් ගමන් සාර්ථක වන දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය                                                 ජය අංකය: 05

 

තුලා ලග්නය

ඔබී ආත්ම ශක්තිය දැඩිව පවතින දිනයක් වන අතර තද තීන්දු තීරණ ගැනීමටද යොමුවන දිනයකි. අභියෝග හමුවේ සාර්ථක වන දිනයකි. නිසි තීරණ ගැනීමද වැදගත් වන දිනයකි. ඔබේ බලය අන් අය අතර තහවුරු කරගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව, සිත පාලනයකින් දිනය ගත කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: සුදු පැහැය                                                    ජය අංකය: 07

වෘශ්චික ලග්නය

 

කලකට පසු ඔබේ ජීවිතයේ යම් වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. ඔබට අවශ්‍ය තීක්ෂණ බුද්ධිය ලබාදෙන දිනයකි. විදෙස්ගමන් බිමන් ඇතිවන දිනයකි. ඔබේ ආවේගය පාලනය කරගත යුතු දිනයකි. වෙනදට වඩා ඕනේ යහපත් ඇවතුම් පැවතුම් ඔබට වැදගත් වන දිනයකි. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රතු පැහැය                                               ජය අංකය: 03

 

ධනු ලග්නය

ඔබේ කතාව යහපත් වනවා මෙන්ම බලවත් වන දිනයකි. ඔබේ ආදායම් තත්වය යහපත් වන දිනයකි. ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. කලට වෙලාවට ආහාර ගන්න. වැඩිහිටි උපදෙස් මත ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ආදායම් තත්වය යහපත් වන මුත් ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය                                             ජය අංකය: 05

 

මකර ලග්නය

ඉතාම ප්‍රභල දිනයකි. ආත්ම ශක්තිය දැඩිව පවතින අතර සටන්කාමි ලක්ෂණ පෙන්වන දිනයකි. නමුත් ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. පාලනයකින් යුතුව කටයුතු කරන්න. ඔබේ දැඩි ගතිය නිසාම ඔබට සතුරු පීඩා වුවද ඇතිවිය හැකිය. ව්‍යාපාර කටයුතු වලින්ද සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. සියලු අභියෝග හමුවේ ඔබට වෙනදාටත් වඩා සාර්ථක විය හැකි දිනයකි. වැඩිහිටි උපදෙස් වලට ගරු කළයුතු දිනයකි.
ජය වර්ණය: දම් පැහැය                                                          ජය අංකය: 06

 

 

කුම්භ ලග්නය

විදෙස් ගමන් බිමන් වලට ඔබ උනන්දුවක් දක්වන දිනයකි. ඉවසීමෙන් හා කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. වියදම්  ගැන නම් සැලකිලිමත් විය යුතු දිනයකි. අවශ්‍ය ධනය ඔබට ලැබෙන මුත් හේතුවක් නොමැතිව ඒවා වියදම් වන දිනයක් විය හැකිය. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                        ජය අංකය: 09

 

මීන ලග්නය

ඔබේ තරාතිරම අනුව ඔබට අවශ්‍ය බලය ලැබෙන දිනයකි. නමුත් අන් අය අතර ඔබ ගැන කටකතා ඇතිවිය හැකිය. පිරිස් බලය ඔබ සතුය. ආදායම් තත්වය යහපත් වන අතර ඔබට පිරිස් බලයද ලැබෙන දිනයකි. සමාජ සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් පෙන්වන දිනයකි. රැකියා කටයුතු වලටද සුභ දිනයකි. ගමන් බිමන් ඇතිවන දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                   ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post