News Line| Off Air| Games
Generic placeholder image

Apr
22

අද ලග්න දෙකකට වියදම් වැඩි වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

719 Views


අද ලග්න දෙකකට වියදම් වැඩි වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රියෙල් මස 22 වන ඉරිදා 
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.18 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.32 සිට සවස 05.59 දක්වා 
සුභ දිශාව: දකුණ  
අසුභ දිශාව: උතුර  

මේෂ ලග්නය

අද ඔබේ බලාපොරොත්තු ඉටුවන සුභ ඵල ලැබෙන දිනයකි. ඔබට එන අභියෝග ජයගත හැකි දිනයකි. රැකියා හා ව්‍යාපාර සාර්ථක වන දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලගතු යුතු දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: කොළ පැහැය                                             ජය අංකය: 03

වෘෂභ ලග්නය

ඉතාම ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. නමුත් දවස ඔබට සුභය. අධ්‍යාපන වැඩ කටයුතු වලට මෙන්ම රැකියා හා ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. අවංකව හා වඩාත් බුද්ධිමත්ව කටයුතු කරන්න. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. කල්පනාකාරීව හා ආගමානුකුලව  දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                            ජය අංකය: 07

මිථුන ලග්නය

යහපත් දිනයක් ඔබට උදාවී ඇත. නමුත් වියදම් තත්වය නම් වැඩි වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලදීද ප්‍රවේසම් වන්න. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: දම් පැහැය                                                         ජය අංකය: 04

කටක ලග්නය

ආහාර පරිභෝජන රටාව ගැන නම් අද ඔබ වඩාත් සැළකිලිමත් වන්න. සිතෙන සිතෙන දේවල් කිරීමට නොයන්න. සියලු අභියෝග හමුවේ සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. නමුත් ඉවසීමෙන් යුතුව මෙන්ම නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. නමුත් වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                 ජය අංකය: 06

සිංහ ලග්නය

ඔබේ දියුණුවට මෙන්ම ඔබේ සැනසීමට බාධා ඇතිවන දිනයකි. නමුත් ආත්ම ශක්තියෙන් යුතුව නිර්භීතව කටයුතු කරන්න. ගමන් බිමන් වලින් ආරක්ෂා විය යුතු දිනයකි. අද දින ඔබ දෙවරක් සිතා බලා කටයුතු කළ යුතුයි. අනිවාර්යයෙන්ම වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතු දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                  ජය අංකය: 03

කන්‍යා ලග්නය

සිහි නුවණින් කටයුතු කළයුතු දිනයකි. නිවැරදිව ඔබ කටයුතු කරනවානම් ඔබේ වැඩ කටයුතු සියල්ල ඔබ සිතන පතන ලෙසටම කරගත හැකි දිනයකි. ආවේගශීලී නොවන්න. ඔබේ පෙර පින් ඵලදෙන දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව නිහතමානිව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                 ජය අංකය: 09

 

තුලා ලග්නය

කායික සුවපහසුවක් දැනෙන දිනයකි. කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඔබ තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. දැනුමට හා ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන දිනයකි. කරගෙන පැමිණි වැඩක් මොහොතේදී නවතා දැමීමට සිදුවිය හැකිය. සිත් තැවුල් ඇතිවීමටද හේතු ඇතිවන දිනයකි. ඔබේ වචනය බලවත් වන දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය                                                    ජය අංකය: 04

වෘශ්චික ලග්නය

 

යම් යම් වෙනස්වීම් මෙන්ම බාධා ඇතිවීමට හැකි දිනයකි. සමාජ ඇසුරේදී ඔබ කල්පනාකාරී වන්න. දෙවරක් සිතා බලා කතා කරන්න. ඔබ නොකළ දෙයකටද ඔබට චෝදනා එල්ල විය හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: කහ පැහැය                                               ජය අංකය: 01

 

 

ධනු ලග්නය

සිතේ අහංකාර ගති ලක්ෂණ ඇතිවිය හැකි දිනයකි. නමුත් රැකියා හා ව්‍යාපාර කටයුතු නම් සාර්ථක වන දිනයකි. ගමන් බිමන් වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් මත ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. කලා කටයුතු වලටද සුභ දිනයකි. සාධාරණව නිහතමානිකම තුල මෙන්ම දුර නුවණ මත කටයුතු කරන්න.
ජය වර්ණය: රෝස පැහැය                                             ජය අංකය: 04

 

මකර ලග්නය

වියදම් තත්වය වැඩි වන දිනයකි. කායික සුවය හා මානසික සුවය නම් ඔබට නොමදව ලැබෙන දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. වැඩිහිටි උපදෙස් වලට ගරු කළයුතු දිනයකි. තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කරන්න. අන් අයගේ ප්‍රශංසාවට පාත්‍ර වන දිනයකි. ඉවසීම ඔබට ශාන්තියක් වනු ඇත.
ජය වර්ණය: නිල් පැහැය                                                          ජය අංකය: 05

 

 

කුම්භ ලග්නය

සෑම අතින්ම ඔබට වරප්‍රසාද හිමි කරදී ඇති දිනයකි. නමුත් තීරණ ගැනීමේදී තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කළයුතු දිනයකි. දෙවරක් සිතා බලා කටයුතු ම්කරන්න. ගමන් බිමන් වලදීද ප්‍රවේසම් වන්න. සිතට කයට සතුට ලගාවෙන දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                        ජය අංකය: 02

 

මීන ලග්නය

සිත් තැවුල් ඇතිවිය හැකි, ඔබේ වියදම් වැඩිවන දිනයකි. එබැවින් වඩාත් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු සම්බන්ධව ඔබට වෙනදට වඩා සුභ වන දිනයකි. අන් අයට අවංකව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. ඔබේ ආර්ථික අපහසුතා අඩු වී ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි.
ජය වර්ණය: රෝස පැහැය                                                   ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post