News Line| Off Air| Games
Generic placeholder image

Jun
14

අද එක ලග්නයකට අනිවාර්යෙන්ම බලාපොරුත්තු වුණ දෙයක් ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

764 Views


අද එක ලග්නයකට අනිවාර්යෙන්ම බලාපොරුත්තු වුණ දෙයක් ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි මස 14 වන බ්‍රහස්පතින්දා 
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.44 සිට 03.17 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.36 සිට 03.03 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර 

මේෂ ලග්නය

කායික ශක්තිය මනාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. වෘත්තීය කටයුතු වලින් දියුණුවක්  අපේක්ෂා කළහැකි දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. මංගල යෝග පවතින දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය                                              ජය අංකය: 03

වෘෂභ ලග්නය

විතක්ෂනශීලිව කටයුතු කළහැකි දිනයකි. වෙනදට වඩා ඔබව කැපී පෙනෙන දිනයකි. කතා විලාසය වෙනදට වඩා වෙනස්වන දිනයක් වන අතර කතාව නිසාම අන් අයගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. සිතීමේ හැකියාව ඉතාම  දිනයකි. අන් අයට ආදරයෙන් සළකන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                    ජය අංකය: 02

මිථුන ලග්නය

නිර්මාණ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. එමෙන්ම විමසිල්ලෙන් යුතුව කටයුතු කරන දිනයකි. අන් අය අතර කැපී පෙනෙන දිනයකි. ඉතාම හොදින් වටහාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වගකීම් නිසි ලෙස ඉටුකිරීමට වග බලාගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 01

කටක ලග්නය

සැක සංකා හා කලකිරීම් වලින් තොර දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. අතපසු වුනු සියලුම වැඩ කටයුතු මනා විශ්වාසයකින් යුතුව නැවත ආරම්භ කිරීමට යෝග්‍ය දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ලිපි ලේඛන සම්බන්ධ කටයුතු වලදී සැළකිලිමත් වන්න.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 03

සිංහ ලග්නය

අතිරේක ආදායම් මාර්ග ඇතිවන දිනයකි. අහංකාර ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයකි. නමුත් ඒවා දුරු කරගන්න.රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 02

කන්‍යා ලග්නය

කතාවට දස්කම් දක්වන දිනයකි. අධික ලාභ දිනයකි. ආදායම් තත්වයද සුභ වන දිනයකි. ඔබේ සෞඛ්‍ය ගැන නම් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. නිසි ප්‍රතිකාර ගන්න. සතුරු කරදර ඉහළ දිනයකි. කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න. අන් අය සමඟ කරන කටයුතු වලදී ඉවසීම ඔබට වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: කොළ පැහැය                                                         ජය අංකය: 01

 

තුලා ලග්නය

මහා පරිමාන ව්‍යාපාර වලට අවස්ථාව ලැබෙන දිනයකි. අන් අයට වඩාත් ප්‍රිය උපදවන ආකාරයෙන් කටයුතු කරන දිනයකි. උසස්වීම් ලබාගත හැකි දිනයකි. කණ්ඩායම් වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. යම් යම් දේවල් වලින් ඔබට අතිරේක ආදායම් ලබාගත හැකි දිනයකි. අනාගත බලාපොරොත්තු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. අලුතින් දෙයක් මිලදී ගැනීමට යාමට යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                          ජය අංකය: 09

වෘශ්චික ලග්නය

 

ව්‍යායාම මගින් දිනය ආරම්භ කරන්න. පුණ්‍ය කටයුතු වලට වැඩියෙන් යොමුවන දිනයකි. අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. යම් යම් වෙනස්කම් ඔබ තුලම නොදන්නා අය සමඟ ප්‍රවේසමෙන් කටයුතු කරන්න.  ඔබේ කතාවෙන් අන් අයව ජයගන්න දිනයකි. නිසි සැලසුම් මත දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තද රෝස පැහැය                                         ජය අංකය: 08

ධනු ලග්නය

ජීවිතයකට අවශ්‍ය දේවල් සැලසෙන දිනයකි. ලැබීම් අතින් ඉතාම සුභ දිනයකි. ලැබීමට තිබු යමක් අනිවාර්යයෙන්ම ලැබෙන දිනයකි. කලබලයකින් තොරව කටයුතු කිරීමට වගබලාගත යුතු දිනයකි. නායකත්ව ගුණාංග ඉස්මතු වන දිනයකි. ගැටළු විසදාලීමට වැඩි දස්කමක් දක්වන දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: තද ගුරු පැහැය                                 ජය අංකය: 07

 

මකර ලග්නය

ඔබේ සෞඛ්‍ය ගැන නම් වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ආහාර වලින්ද ප්‍රවේසම් වන්න. සරලව කටයුතු කිරීමට ප්‍රිය කරන දිනයකි. මෙතෙක් හමු නොවුණු දෙයක් නැවත ලැබිය හැකි දිනයකි. කෝපය ඉවතලා කටයුතු කරන්න. සිත ශක්තිමත් කරගන්න. අනවශ්‍ය ගමන් බිමන් වලින්තොර වන්න.  නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: නිල් පැහැය                                       ජය අංකය: 06

 

 

කුම්භ ලග්නය

අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුභ දිනයකි. අද ඔබට හොඳ ඉවසීමෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. ඔබේ සෞඛ්‍ය ගැන වැඩියෙන් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. අලුතින් යමක් ඉගෙනගන්නට යොමු වන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                        ජය අංකය: 05

 

මීන ලග්නය

අදහස් උදහස් වල දියුණුවක් ඇතිවන දිනයකි. අන් අයව මනාව තේරුම් ගත හැකි දිනයකි. රැකියා කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වන්න. කල්පනාවෙන් යුතුව කටයුතු සම්පාදනය කරගත යුතු දිනයකි. නිතරම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. වගකීම් පැහැර නොහරින්නට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                             ජය අංකය: 04
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post