අද එක ලග්නයකට පිය පස නෑදෑයින්ගෙන් ප්‍රශ්න ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න. « Siyatha 24
Santa Be Watchin
Generic placeholder image

Sep
14

අද එක ලග්නයකට පිය පස නෑදෑයින්ගෙන් ප්‍රශ්න ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

325 Views


Generic placeholder image

අද 2018 සැප්තැම්බර් මස 14 වෙනි සිකුරාදා
රාහු කාලය දිවා කාලය සඳහා  උදෑසන 10.34 සිට දක්වා දහවල් 12.05 , රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.37 සිට රාත්‍රී 12.05 දක්වා
සුභ දිශාව – උතුර 
මරු සිටින දිශාව  – ගිනිකොන

මේෂ ලග්නය

විවාහ ජීවිතේ කම්කටොලු මග හැරෙන දිනයකි. ස්වාමියාට හෝ බිරිඳට උසස් වීමෙ ලැබෙන දිනයක්. සිතේ සතුට වර්ධනය වේ. හවුලේ කරන කටයුතු සාර්ථක වන දිනයක් ලෙස හැඳින්විය හැකියි. දුර බැහැර ගමන් යෙදිය හැකියි. අලුත් යාලු මිත්‍රදීන් මුන ගැසෙන හා විවාහ ජීවිතය හා ආදර තුලදී සතුට වර්ධනය වන දිනයකි.
ජය වර්ණය – විසිතුරු පැහැය                                                 ජය අංකය- 03

වෘෂභ ලග්නය

ආදායම ඉතා හොඳින් වර්ධනය වන දිනයකි. ජීවිතයට අලුත් බලාපොරොත්තු ඇතිවේ. සුයුම් සතුරු කරදරද ඇතිවිය හැකි දිනයකි. ආහර ගැනීමේ රටාව පිලිබඳව අවධානය යොමු කල යුතු දිනයකි. පිය පස නෑදෑයින්ගෙන් ප්‍රශ්න ඇතිවෙන දිනයකි. අලුත් සබඳතා ගොඩනැගෙන දිනයකි.
වර්ණය – ලා නිල් පැහැය                                             ජය අංකය -05

මිථුන ලග්නය

ඥාන ශක්තිය වර්ධනය වන දිනයකි. කායික මානසික පීඩාකාරී තත්තව යටපත් වන දිනයකි. හොඳ යාලු හිත මිත්‍රයන්ගෙන් උදව් ලැබෙන දිනයකි. අධායපනික කටයුතු සාර්ථකවේ. ප්‍රේම සබඳහා සාර්ථක වන දිනයක්.
ජය වර්ණය-  ලා කහ පැහැය                                                    ජය අංකය – 01

කටක ලග්නය

ඕනෑම කටයුත්තක් පහසුවෙන් සාර්ථක කරගැනීමේ හැකියාවක් පවතින දවසකි. ලිපිලේඛන කටයුතු , ග්‍රන්ථ ආශ්‍රිත කටයුතු වලටද ඉතා යෝග්‍ය දිනයකි. පරාර්ථකාමීත්වය වර්ධනය වන දිනයකි.කටයුතු සැලසුම් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය – දීප්තිමත් කහ පැහැය                                                           ජය අංකය – 03

සිංහ ලග්නය

අළුත් බලාපොරොත්තු ඇතිවන දිනයකි. කරන කියන වැඩ වලදී ඔබ හිතනවට වඩා සාර්ථකතවයක් ඇතිවන දිනයක්. සතුරු උවදුරු හෙලිවන දිනයකි. රෝග පිලිබඳව ඉතා සැලකිලිමත් විය යුතු දවසකි. හිත හොඳකම නිසා ඔබට බාධාකාරී තත්තවයන් ඇති වීමේ ආවධානමක් පවතී.
ජය වර්ණය- විසිතුරු පැහැය                                          ජය අංකය -09

කන්‍යා ලග්නය

මූල්‍ය ගනුදෙනු පිලිබඳව දැඩි අවධානයක් යොමු කල යුතු දිනයකි. පරිනතභාවයකින් යුතු කටයුතු කරන දිනයකි. සෞඛ්‍ය පිලිබඳ ඉතා සැලකිලිමත් විය යුතුයි. බොහෝ කටයුතු සාර්ථක වන දිනයකි. අළුත් බලාපොරොත්තු ඇතිවන දිනයකි.
ජය වර්ණය- දම් පැහැය                                       ජය අංකය-  03

තුලා ලග්නය

හිතේ බලාපොරොත්තු ඉෂ්ඨ වන දිනයකි. බාධාකාරී රෝගී තත්ත්ව ඇතිවිය හැකි දිනයකි. බේදයකින් තොරව ඕනෑම කෙනෙක් සමඟ අසුරු කරන දිනයකි. දේපල ආශ්‍රිත කටයුතු වලින් දියුණුවක් ලඟාවන මෙන්ම දේපල උරුමයන් ලැබෙන දිනයකි.
ජය වර්ණය – ලා නිල් පැහැය                                      ජය අංකය –  04

වෘශ්චික ලග්නය

 

මානව දයාව වර්ධනය වන දිනයකි. ක්ෂණික ආවේගකාරී තත්ත්වයන් ඇතිවේ. හිතේ සතුට වර්ධනය වන දිනයකි. ආගම, කුලය වෙනස් අය සමඟ හිත මිත්‍රකම් වර්ධනය වන දිනයකි.
ජය වර්ණය- ලා රතු පැහැය                                             ජය අංකය – 05

ධනු ලග්නය

මානව දයාව වර්ධනය වන දිනයකි. ධනවත් භාවය සහිත දිනයකි. පොත් පත් ආශ්‍රිත වැඩ කටයුතු සඳහා ඉතා යෝග්‍ය දිනයකි. කායික මානසික පීඩා වැඩිවෙන දිනයකි.
ජය වර්ණය- විසිතුරු පැහැය                                                  ජය අංකය – 07

මකර ලග්නය

රාජකාරි ස්ථානයේ වගකීම් වැඩි වන දිනයකි.වෘත්තීමය වශයෙන් සිදුවන සාකච්ඡා සඳහා ඉතා යෝග්‍ය දිනයකි. බාධා කම්කටොලු ආවත් ඒවා සාර්ථකව ජයගන්නා දිනයකි. යුග ජීවිතයේ බාධාකරී තත්තවයන් ඇතිවේ. දුරගමන් යෙදෙන දිනයකි.
ජය වර්ණය- ලා දම් පැහැය                                 ජය අංකය – 03

කුම්භ ලග්නය

ආදරය සෙනෙහස වැඩිපුර ලැබෙන සහ ලබා දෙන දිනයකි. මව් පිය උරුමය ලෙස දේපල හිමිවන දිනයකි. මුදල් ලාභ ද හිමිවන දිනයකි. කරුණාවන්තභාවය ඔබ කෙරෙහි ඉතා ඉහලින් ලැබෙන දිනයකි. රෝගසුව වන දිනයකි. එමෙන්ම ලෝහ ගතියක් දැනෙන දිනයකි.
ජය වර්ණය – ලා නිල් පැහැය                                                ජය අංකය- 07

මීන ලග්නය

විනෝදාත්මක ගතියක් ඇති දිනයකි. සහෝදරයන් පිලිබඳව වැඩිපුර කටයුතු කිරීමට සිදුවන දිනයකි. දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වැඩි අවධානයක් ලබා දෙන්න. රහස් සතුරු කුමන්ත්‍රණයක් අද එලිවේ.
ජය වර්ණය – ලා දම් පැහැය                                           ජය අංකය – 03
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී – කැළුම් ගුණතිලක
දුරකථන –   076 67 65 353


Siyatha Videos
සියත ටෙලිදෙපැය
Most Popular