News Line| Off Air| Games
Generic placeholder image

Dec
11

අද අධ්‍යාපන බාධා ඇතිවෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

549 Views


අද අධ්‍යාපන බාධා ඇතිවෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 11 සඳුදා

රාහු කාලය: පෙ.ව.07.39 සිට 09.08

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

 

 

 

 

මේෂ ලග්නය

වියදම් පාර්ශවය තරමක් ඉහල යනවා. විෂය පරිබාහිර ක්‍රියාකාරකම් වලට හිත ඇදෙනවා. අන් අයගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන්. වාසස්ථාන සම්බන්ධව පුංචි පුංචි බාධා ඇති වෙන්න පුළුවන්. කල්පනාකාරීව කටයුතු කරන්න. ඉවසිලිවන්තව වචන භාවිතා කරන්න. නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න.

ජය වර්ණය: ලා දම් පැහැය                         ජය අංකය: 03

වෘෂභ ලග්නය

කලාකාමී කටයුතු ව්‍යාපාරික කටයුතු දියුණු කරගත හැකි වෙනවා. අධ්‍යාපනික කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව ඉතා යහපත් මානසිකත්වයකින් සිතා බලන්න. සියුම් අසනිපකාරී තත්ව කොන්ද තුනටිය මුත්‍රාශය වගේම ස්නායුගත රෝග තත්ව වුවත් ඇතිවිය හැකියි. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න හැකියාව පවතින දවසක්.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 05

මිථුන ලග්නය

තමන්ට එරෙහිව සියුම් කුමන්ත්‍රණකාරී තත්වයක් ඇතිවිය හැකියි. මානසික ව්‍යකුලතා ඇතිවිය හැකියි. කලාකාමී කටයුතු දියුණු කර ගන්න පුළුවන්. කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කරන්න. වචන භාවිතා කිරීමේදී කල්පනාකාරී වෙන්න. කේන්ති සහගත සිතුවිලි වර්ධනය විය හැකියි. අධ්‍යාපනික කටයුතු වලටත් බාධා ඇතිවිය හැකියි. ගුප්ත අසනීප රහසිගත සිතුවිලි ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                     ජය අංකය: 05

 

කටක ලග්නය

අධ්‍යාපනික කටයුතු වල නව මානයක් උදා වෙනවා. තමන්ගේ දු දරුවන් පිලිබදව බොහෝ සතුටුදායක ආරංචි අහන්න දකින්න ලැබෙනවා. තමන්ගේ දරුවන්ගේ විවාහ සම්බන්ධව බාධා පැවතුනා නම් ඒවාට පිළිතුරු සොයා ගැනීමේ හැකියාව පවතිනවා. ගෘහාශ්‍රිත කටයුතු වලිනුත් යම් ආකාරයක දියුණුවක් ලැබෙනවා. නිසි වෙලාවට ආහාර නොගැනීම නිසා අසනීප විය හැකියි.

ජය වර්ණය: ලා රතු පැහැය                                   ජය අංකය: 02

සිංහ ලග්නය

නම්‍යශීලි ප්‍රතිපත්තියක් හැම විටම අනුගමනය කිරීම වඩාත් වැදගත්. ඉහල නිලධාරීන් සමඟ, පියපස ඥාතීන් සමඟ ගැටුම් ඇති වෙනවා. තමන්ගේ පෞරුෂය දියුණු කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. එවැනි අවස්ථා වලදී ක්‍රමානුකුලව කටයුතු කරන්න. වියදම් පාර්ශවය තරමක් ඉහල යා හැකියි. අධ්‍යාපනික කටයුතු වලටත් බාධා කම්කටොලු ඇති වෙනවා. තරඟකාරී කටයුතු ජයග්‍රාහී ලෙස පවත්වා ගෙන යන්නත් විදේශගත සම්බන්ධතා දියුණු කර ගන්නත් හැකි වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 07

කන්‍යා ලග්නය

ඔබගේ පෞරුෂත්වය වර්ධනය කර ගන්න අවස්ථාව උදා වෙනවා. ආර්ථික ශක්තිමත් වෙනවා. අලුත් ආදායම් මාර්ග පිලිබදව අවධානය යොමු වෙනවා. වාසස්ථාන පිලිබදව පුංචි පුංචි බාධා ඇති වෙනවා. හර්දය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි. අධ්‍යාපනික කටයුතු දියුණු කර ගන්න පුළුවන්. ආහාර ගැනීමේ රටාවේ දෝෂ ඇතිවිය හැකියි.

ජය වර්ණය: රන්වන් පැහැය                        ජය අංකය: 02

 

තුලා ලග්නය

ජයග්‍රාහී ලීලාවෙන් පටන් ගන්න සියලු කටයුතු ඒ ආකාරයටම අවසන් කරන්න හැකි වෙනවා. ඔබගේ පෞරුෂය ඔබේ වාග් ශක්තිය මුල් කරගෙන ගොඩ නැගෙනවා. කරන කියන කටයුතු අලුත් ආකාරයකට පවත්වා ගන්න හැකියාව පවතිනවා. අන් අයගේ සිත දිනාගෙන වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය කරගෙන කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. දණහිස ආශ්‍රිත රෝග ඇති වෙනවා. විවාහ ජීවිතය ආශ්‍රිත ගැටළු මතුවිය හැකියි.

ජය වර්ණය: ලා දම් පැහැය                          ජය අංකය: 01

 

 

වෘශ්චික ලග්නය

 

මානසික ශක්තිය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. දියරමය දේවල් අලෙවි කිරීම, ජලාශ්‍රිත පරිසර ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලදී නම් තරමක් කල්පනාකාරී විය යුතුයි. පෙරපින ඉස්මතු වෙනවා. අන් අයගේ උදව් උපකාර පහසුවෙන්ම හිමි වෙනවා. අධ්‍යාපනික කටයුතු ඥාන ශක්තිය වර්ධනය කර ගැනීමේ කටයුතු වලට දායක වීමට හේතු වේවි.

ජය වර්ණය: ලා නිල් පැහැය                        ජය අංකය: 03

 

 

ධනු ලග්නය

ඇතැම් කටයුතු වල කල්පසු වීමේ ස්වභාවයක් පවතිනවා. කායික ශක්තිය වර්ධනය කර ගැනීමේ කටයුතු කලාකාමී කටයුතු ව්‍යර්ථ වීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව සැලසුම් සහගතව කටයුතු කරන්න. මුල්‍ය පරිපාලන කටයුතු වලදී පවා ඉවසිලිවන්ත වෙන්න. වාග් ශක්තිය යම් ප්‍රමාණයකට යටපත් වෙනවා. ඔබේ අදහස් නිසි පරිදි ප්‍රකාශ කර ගැනීමට නොහැකි වෙනවා.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 04

 

 

මකර ලග්නය

කලාකාමී කටයුතු දියුණු වෙනවා. මව්පස ඥාතීන්ගේ උදව් උපකාර ලැබෙනවා. තමන්ගේ වාසස්ථාන පිලිබදව ගැටළුවක් අර්බුධයක් තිබුණානම් ඒවා විසඳා ගැනීමේ හැකියාව පවතිනවා. යාන වාහන මිලදී ගැනීම් ආදී කටයුතු වලටත් ඉත්මත්ම යෝග්‍යයි. තාක්ෂණය මුල් කර ගත්ත කටයුතු ස්වර්ණාභරණ හෝ කලාකාමී කටයුතු වලටත් යහපත්. රුපලාවන්‍ය කටයුතු පොත්පත් ආශ්‍රිත කටයුතු වලින් යම් දියුණුවක් ලැබෙනවා. මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත කටයුතු භුමිය හා සම්බන්ධ කටයුතු ඉදිකිරීම් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 04

 

 

කුම්භ ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා ආශ්‍රිත කටයුතු බැංකු මුල්‍ය ආශ්‍රිත පහසුවෙන් දියුණු කරගත හැකියි. අන් අය උදෙසා ඇප වීමේ තත්ව වලට ලක් විය හැකියි. ආහාර ගැනීමේ රටාව සුළු වශයෙන් හෝ වෙනස් වෙනවා. ආමාශගත උදරගත රෝගී තත්ව ඇතිවිය හැකියි. දියරමය දේවල් අලෙවි කිරීමේදී ජලාශ්‍රිත පරිසර වලදී තරමක් කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 07

 

 

මීන ලග්නය

තමන්ගේ ප්‍රේම සබඳතා වලට සිත ඇදී යනවා. කලකිරීමේ ස්වභාව වලට ලක් වෙනවා. උසස් නිලධාරීන් සමග බොහෝ යහපත් සබඳතා පවත්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඔවුන්ගෙන් උදව් උපකාර පවා ලබා ගන්න පුළුවන්. රැකිරක්ෂා කටයුතු වෙනස් කරන්න හිත යොමු වෙනවා. වෙළදාම් කටයුතු වලටත් පුංචි පුංචි බාධා මතු වෙනවා. දියරමය දේවල් වැගිරෙන සුළු දේවල් අලෙවි කිරීමෙන් බොහෝ ලාභ ලැබෙනවා. අධ්‍යාපනික කටයුතු වලට බාධා ඇති වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                 ජය අංකය: 09

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post