News Line| Off Air| Games
Generic placeholder image

Oct
28

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට පනවා තිබූ දැඩි සීමාවන් ඉවත් කෙරේ

344 Views


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට පනවා තිබූ දැඩි සීමාවන් ඉවත් කෙරේ

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට මාස 4 කට ආසන්න කායලයක් පනවා තිබූ දැඩි සීමාවන් ඉවත් කිරීමෙන් පසු මෙල්බර්න් අගනුවර වෙළඳසැල්, අවන්හල් සහ හෝටල් අද යළි විවෘත කෙරුණා.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙල්බර්න් නුවර ව්‍යාප්ත වී තිබූ කොරෝනා වසංගතය මේ වනවිට මුළුමනින්ම පාහේ පාලනය කර ඇති බවයි.

හෙට සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ට සිය නිවෙස්වලට අමුත්තන් ගෙන්වා ගැනීමට එරට රජය අවසර දී ඇති බව ද විදෙස් වාර්තා පවසනවා.

එහෙත් අමුත්තන්ට යා හැක්කේ එක් නිවෙසකට පමණක් වන අතර ඔවුන් ගෙන්වා ගන්නා නිවසට එම දිනය තුළ වෙනත් අමුත්තන් ගෙන්වා ගත නොහැකි බවට ද නිවේදනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post