News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

අධිකරණ කිහිපයක ඇප අයඳුම් පත් විභාග කිරීම අද සහ හෙට

481 Views


අධිකරණ කිහිපයක ඇප අයඳුම් පත් විභාග කිරීම අද සහ හෙට

මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඇප අයදුම්පත් විභාග කිරීම අද (02) සහ හෙට (03) දිනවල පමණක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී උසාවි කටයුතු සඳහා නීතිඥවරුන් හා රාජ්‍ය උපදේශකවරුන්ට (state counsel) පමණක් ඒ සඳහා පෙනී සිටින ලෙස ද දැනුම් දෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි නීතිපති, අගවිනිසුරුගෙන් ඊ‍යේ (01) ඉල්ලීමක් කළා.

COVID-19 වෛරසය සම්බන්ධයෙන් දිවයින පුරා මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post