News Line| Off Air| Games
Generic placeholder image

Jul
1

සුන්දර වෙරළ තිරයේ සුන්දරත්වය රකිමින් serfing කිරීමට තරුණ ඔබට මෙන්න අවස්ථාවක්

772 Views


සුන්දර වෙරළ තිරයේ සුන්දරත්වය රකිමින් serfing කිරීමට තරුණ ඔබට මෙන්න අවස්ථාවක්

කොරෝනා වසංගතයෙන් පසු මහ ජනයා නිරන්තරයෙන් ගැවසෙන ස්ථාන පිරිසුදු කිරීමට සෑම දෙනාම ක්‍රියා කරන පසුබිමක සංචාරක ආකර්ශනය වැඩි පුර දිනා ගන්නා දිවයින වටා පිහිටි වෙරල තීරයන්ද මේ වන විට අපද්‍රවය වලින් පිරි තිබෙන බව සුලබ දසුනක් වෙලා. විශේෂයෙන්ම එම පරිසර පද්ධතිය තුල ජිවත් වන්නා වූ දුර්ලභ සත්ව වර්ගයන්ද මේ තුලින් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් වෙරළ පද්ධතිය ආරක්ෂා කිරීම සදහා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපාරය ජූලි 4 සෙනසුරාදා දින උදැසන 8.00 ට පැවැත්වීමට සංවිධායකවරුන් තීරණය කර තිබෙනවා. ඒ මාතර පොල්හේන වෙරළ තීරයේ සිට මාතර මැදිහ වෙරළ තීරය දක්වායි.

මෙම කර්තව්‍ය සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමැති පුද්ගලයින් හට එක්වීමට ද හැකියාව පවතින අතර එදිනට පැමිණෙන අයට තේ සහ කෝ්‍ෆි නොමිලේ සංග්‍රහයක් ලබා දීමට කටයුතු කරන බවයි සංවිධායකවරුන් පවසන්නේ.

මෙම ව්‍යාපාරයට සම්බන්ධ වන්නට කැමති පිරිස් සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් අනුව මුඛ ආවරණ පැළද පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරනවා.

වැඩි විස්තර සදහා අමතන්න – oska – 0774718684


News Articles
Latest Videos
Most Popular Post