News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

“හතුරු සැලැස්මේ එක කොටසක් විතරයි.” – හිටපු දඟ පන්දු පුහුණුකරු හෙළිකරන බංගලාදේශයේ රහස් සැලැස්ම මෙන්න.

2463 Views


“හතුරු සැලැස්මේ එක කොටසක් විතරයි.” – හිටපු දඟ පන්දු පුහුණුකරු හෙළිකරන බංගලාදේශයේ රහස් සැලැස්ම මෙන්න.

වැටිලා තිබ්බ ක්‍රිකට් ගොඩවලින් ගොඩ එන්න ලංකාව හතරවටේ වැල් හෙව්වා. එහෙම හොයද්දි තමයි හතුරුසිංහ දිහාට ලංකාවේ අැස් යන්නේ. රහස් මෙහෙයුමකින් පස්සේ කොහොම හරි හතුරුව ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට ගත්තා. හැබැයි තාමත් අපේ ක්‍රීඩකයොන්ගේ දස්කම් නම් වර්ධනය වෙලා නෑ.

හතුරුසිංහ කියන්නේ මැජික් පුහුණුකරුවෙක්. ප්‍රාතිහාර්ය පාන කෙනෙක්. ගොඩක් අය හිතුවේ, කිවවේ එහෙමයි. එ්කටත් සාධාරණ හේතුවක් තිබ්බා. ක්‍රිකට්වල අඩියටම වැටිලා හිටිය බංගලාදේශය ලංකාවට, ඉන්දියාවට, ඕස්ට්‍රේලියාවට ගැහුවේ හතුරුගේ කාලයේ. එ් නිසා හැමෝම හිතුවේ බංගලාදේශයේ රහස හතුරු කියලා. ලංකාවේ ක්‍රිකට් පාලකයොත් හතුරුසිංහව අරන් කණ්ඩායම බාර දීලා අායෙත් මර නින්දකට වැටුණා.

බංගලාදේශ තියෙන තුන්කොන් තරඟාවලියේදී ලංකාව අායෙත් සිම්බාබ්වේට සහ බංගලාදේශයට පැරදුණා. හතුරුටත් ලංකාව ගොඩගන්න බෑ කියලයි දැන් හැමෝම කියන්නේ. බංගලාදේශය ගොඩගත්ත හතුරුසිංහට ලංකාව ගොඩගන්න බැරි අැයි. එ්කට හේතුව හතුරුසිංහ කියන්නේ බංගලාදේශ ක්‍රිකට් සැලැස්මේ එක කොටසක් විතරයි. ලංකාව අරගත්තේ එ් කොටස විතරයි.

බංගලාදේශයේ දීර්ඝ ක්‍රිකට් සැලැස්ම මොකක්ද කියලා ප්‍රවීණ ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායක මහතා Facebook සටහනක් තියලා තිබ්බා. බංගලාදේශයේ හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු රුවන් කල්පගේ තමයි ඔහුට මේ සැලැස්ම හෙළි කරලා තියෙන්නේ. මේ කියෙන්නේ භාතිය අර්ථනායක තිබ්බ Facebook සටහන.

උපුටාගැනීම.

#හතුරුසිංහ_කොටසක්_පමණි.
හැමෝම බලන් හිටියේ හතුරු එනකම්. ඊට පස්සෙවත් ක්‍රිකට් ගොඩයයි කියලා හැමෝම විශ්වාස කලා. හතුරුට මාසෙන් සේරම කරන්න බෑ. නමුත් හතුරු සේරම කරයි කියලා හිතන් ඉන්න මහත්වරුන්ගේ දැන ගැනීම පිණිස මම යමක් කියන්නම්.
2010 වසරේ අපි බංග්ලාදේශයේ දකුණු ආසියානු තරගාවලිය සඳහා සංචාරය කලා. Nis Man Ranasinghe ට මතක ඇති සාග් එකේ විවේකයක් ලද මොහොතක එවකට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු විදියට කටයුතු කරපු රුවන් කල්පගේ හමුවෙන්ඩ අපි ගිය දවස. මේ පලවෙනි පින්තුරේ තියෙන්නේ ඒ ඉන්ටර්වීව් එක අතරේ ගත්තු ඡායාරූපයක්.
කල්පගේ ඒ වෙලාවේ මරු කතාවක් කිව්වා. “මුන්ට තියෙනවා මාස්ටර් ප්ලෑන් එකක්. උදාහරණයක් විදියට මෑත කාලෙ ගත්තොත් බංගලි A ටීම් එක ඔස්ට්‍රෙලියා යනවා. ඒ වෙනුවට උන් එනවා මෙහෙ. අපි යනවා සවුත් අෆ්‍රිකා. ඒ වෙනුවට උන්ව ගෙන්නගන්නවා මෙහෙ. Exposure එක උපරිමයෙන් උඩට එන එකාට දෙනවා. නැෂනල් ටිම් එකට එන්න කලින්, ඒ වගේ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් ලැබුණාම වෙන දේ කියන්න ඕනේ නෑනේ. මුන් ප්ලේයර්ස්ලා හොයා ගන්නවා. ඒ වගේම උන්ව මැනේඡ් කරනවා ලස්සනට. තව අවුරුදු කීපයක් යද්දි, බංග්ලාදේශ් ක්‍රිකට් ලස්සනට උඩට එන හැටි බලන්න පුළුවන්.
ඒ ලස්සන අපි අද මැච් එකේ දි දැක්කා. ඒක අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.
බංග්ලාදේශ් ක්‍රිකට් දියුණු උනේ හතුරු නිසාය කියලා කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒක අමුම අමු බයිලාවක්. හතුරුසිංහ කියන්නේ බංගලියන්ගේ මාස්ටර් ප්ලෑන් එකේ #කොටසක්විතරයි. ඒ නිසා හතුරුව මෙහෙට ඇදලා හරි දැන් අපේ ප්ලෑන් එක හරි වගේ සුරංගනා නින්දකට බලධාරීන් වැටිලා ඉන්නවනම් වහාම අහැරෙන්ඩ. ලංකාව ප්‍රියන්ත මහඋල්පතගම කියන හතුරුසිංහව බා ගත්තට, මාස්ටර් ප්ලෑන් එක කියන ජෙහාන් ෆනෑන්ඩු තාම උන් ගාව. තේරෙන බාසාවෙන් කිව්වේ.
කතාවට කියනවා ඔබේ ප්‍රමාදය ප්‍රතිවාදියාගේ අවස්ථාව කියලා. උන් අපිට කලින් නැෂනල් කෝච් බවට හතුරුව පත්කරලා දැන් ඒකෙන්ම අපිට නෙලනවා. අද හතුරු අපේ ගාව. හැබැයි හතුරු පොලිෂ් කරපු ටික උන් ගාව.
සැලසුමක් නැතිව කරන වැඩ අන්තිමේ දී ඉවර වෙන්නේ ඔය වගේ පරාජයන්ගෙන්.
මුෂ්ෆිකුර් රහීම්ලා, මහමුදුල්ලලා ටීම් එකට වැඩක් සහිත ක්‍රීඩකයෝ වෙද්දි, සමකාලීනව එලියට ආපු කපුගෙදරලා පරඩැල් වෙලා. නසීන් හුසේන්ලා එක්ක සමකාලීනව එලියට බැහැපු ළහිරු තිරිමාන්නලා අද හොයා ගන්ඩත් නෑ. මොන ටැලන්ට් ද ඒවා? ක්‍රීඩකයින්ට විතරක් බනින්ඩ ලෑස්ති වෙන්ඩ එපා. උන්ගේ කැපවීම නැත්නං, උනන්දුව නැත්තං, ඒවා හදන්ඩ තමයි ක්‍රිකට් ආයතනයක් තියෙන්නේ.
ඔබට සැලසුමක් ඇත්නම් ඔබට ජයගත හැකිය නැතිනම්, ඔබ අනියමින් සැලසුම් කර ඇත්තේ පරදින්නටයි කියලා කියමනක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් මතක තියා ගන්ඩ. හතුරු කියන්නේ ජයග්‍රාහී සැලසුමක කොටසක් විනා සැලසුමක් නෙවෙයි.

උපුටාගැනීම අවසන්.

– මෙම ලිපිය උපුටාගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින්න. | www.siyatha24.lk © –


News Articles
Latest Videos
Most Popular Post