News Line| Off Air| Games
Generic placeholder image

Dec
15

ශ්‍රී ලංකාව සමඟ යහපත් ද්විපාර්ශවික සබඳතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බව බොරිස් ජොන්සන් කියයි

384 Views


ශ්‍රී ලංකාව සමඟ යහපත් ද්විපාර්ශවික සබඳතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බව බොරිස් ජොන්සන් කියයි

බ්‍රිතාන්‍ය ජනතාව සහ තමන් ශ්‍රී ලංකාව සමඟ යහපත් ද්විපාර්ශවික සබඳතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බව නැවත වරක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට තේරී පත්වූ බොරිස් ජොන්සන් සදහන් කළා.

බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා යැවූ සුභාශිංසන ට්විටර් පණිවුඩයට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ඔහුගේ ජයග්‍රහණය දැය – හිතකාමී රජයන් බිහි කිරීමේ ගෝලීය ප්‍රවණතාව පිළිබිඹු කරන බවයි.

අගමැති බොරිස් ජොන්සන්ට සහ බ්‍රිතාන්‍ය ජනතාවට සියලු යහපත ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සිය පණිවුඩයේ සටහන් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post