News Line| Off Air| Games
Generic placeholder image

Jan
14

ගිනිගත්හේන බස් රථ අනතුරකින් 20ක් රෝහලට

588 Views


ගිනිගත්හේන බස් රථ අනතුරකින් 20ක් රෝහලට

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වි අනතුරකින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගින් 20 දෙනෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසනවා.

අද (14) පෙරවරු 8.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල නායයාමට ලක් වු ස්ථානයේදිය.

අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කළ අය අතර කුඩා ළමුන් කිහිප දෙනෙකු සිටින බවත්, තුවාකරුවන් 8 දෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගිය බවත්, සෙසු තුවාලකරුවන් වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන වටවල ප්‍රාදේශිය රෝහලේ නිලධාරියෙකු පැවසීය.

දියගල ප්‍රදේශයේ නායගිය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන නිසා එම ස්ථානයේ රථ වාහන ධාවනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇති අතර එම මංතිරුව ඔස්සේ බස් රථ දෙකම දෙපසින් ධාවනය කිරිම නිසා හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථය ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් කිහිප දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති අතර, අනතුරට පත් බස් රථ දෙකේම රියදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය සදහන් කළා.

අනතුරට පත් බස් රථ දෙකම එකම අයිතිකරුවෙකුට අයත් බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය වැඩිචදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post