News Line| Off Air| Games
Generic placeholder image

Jan
20

උෟව මහ අැමති දණ ගැස්සුවා කිව්ව විදුහල්පතිනිය පාපොච්චාරණය කරයි. කලින් අැත්ත නොකිව්වේ මරයි කියලා බයටලු. (VIDEO)

568 Views


උෟව මහ අැමති දණ ගැස්සුවා කිව්ව විදුහල්පතිනිය පාපොච්චාරණය කරයි. කලින් අැත්ත නොකිව්වේ මරයි කියලා බයටලු. (VIDEO)

ලෝකයේ මොන ලොක්කා වුනත් බිහි කරන්නේ ගුරුවරු. ජනාධිපතිවරු, අගමැතිවරු වුනත් බිහිවෙන්නේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම නිසා. හැබැයි ප්‍රාදේශීය දේශපාලනඥයොන්ට නම් එ්ක තේරෙන්නෙ නැද්ද කොහෙද.

ඔබට මතක අැති පහුගිය කාලයේ එක ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ගුරුවරියක් දණ ගැස්සුවා. එ් වගේ සිදුවීමක් මීට ටික දවසකට කලින් සිද්ධ වෙලා තිබ්බා.

එ් උෟව පළාත් ප්‍රධාන අාමාත්‍ය චාමර සම්පත් දිසානායක බදුල්ල දෙමළ බාලිකා පාසලේ විදුහල්පතිනිය දණ ගස්සලා තිබ්බා. හැබැයි මාධ්‍යයෙන් එ් පුවත යද්දී මහ අැමතිතුමා වගේම විදුහල්පතිනිය කිව්වේ එහෙම දෙයක් වුණේ නෑ කියලා. හැබැයි අැත්ත කොච්චර යට ගැහුවත් වතුරෙ හංගපු බෝලයක් වගේ උඩ එනවා.

ඊයේ විදුහල්පතිනිය අැත්ත පාපොච්චඡාරණය කරා. කලින් එතුමිය අැත්ත කිව්වේ නැත්තෙ මහ අැමතිතුමා තමන්ව මරාවී කියලා බයටලු. “ජනවාරි 2 වෙනිදා උෟව පළාත් අධ්‍යාපන ලේකම්වරිය මාව කාර්යාලයට කැදෙව්වා. මම කාර්යාලයට ගියාම මහ අැමතිවරයාගේ නිල නිවසට යන්න කියලා මට බලකරා. මම එහේ ගියාම මහ අැමතිතුමා මට තරජණය කරලා බැන්නා. මම වරදක් කලේ නෑ කියලා සමාව ගත්තා. දණ ගහලා සමාව ගන්න තැනට මාව එතනදි පත්කරා. ඊට පස්සේ ජනවාරි මාසේ 9 අායෙත් මෙව කැදෙව්වා. අධ්‍යාපන ලේකම්වරිය කිව්වේ මාව දණගැස්සුවා කියලා ප්‍රචාරයක් යනවා එ් වගේ දෙයක් වුනේ නෑ කියලා ජන මාධ්‍යට ප්‍රකාශයක් දෙන්න කියලා.” කියලයි එදා සිද්ධ වුණ දේ විදුහල්පතිනිය කිව්වේ.

මේ සිද්ධිය ගැන ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලකුත් කරා. කොහොම වුවනත් 8 පාස් නැති දේශපාලනඥයක් ගුරුවරුන් දණ ගස්සලා සමාජයට දෙන්නේ හොද පණිවිඩයක් නෙවෙයි. මේවා අාදර්ශයට අරන් ඉස්සරහට ළමයින්ම ගුරුවරු දණ ගස්සන කාලයක් එන්න පුළුවන්.

 

විදුහල්පතිතුමිය ලබාදුන් ප්‍රකාශයක් ඇමතිවරයාගේ Facebook ගිණුමටද එකතු කර තිබුනා.

https://www.facebook.com/cmofuva/videos/878166145697019/


News Articles
Latest Videos
Most Popular Post